
Mother (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි
“Mother” (2009) කියන්නේ ඔලුව අවුල් කරන, පට්ටම කොරියානු ත්‍රිලර් එකක්. මේක අර “Parasite” චිත්‍රපටිය හදපු සුපිරි අධ්‍යක්ෂක, බොං ජූන්-හෝ (Bong Joon-ho) ගේ වැඩක්.
නගරයක අම්මා කෙනෙක් ඉන්නවා (මේ චරිතය කරන්නේ කිම් හයි-ජා). එයා ජීවත් වෙන්නේ එයාගෙ ලොකු පුතා එක්ක. හැබැයි මේ පුතා, දූ-ජූන් (මේ චරිතය කරන්නේ වොන් බින්), ටිකක් වෙනස්. එයාට පොඩි මානසික දුර්වලතාවයක් තියෙනවා. ඉතින් මේ අම්මා තමයි එයාගෙ ලෝකෙ. එයා පුතාව ආරක්ෂා කරන්නේ ඇස් දෙක වගේ.
ඔහොම ඉද්දි, දවසක් නගරයේ ඉස්කෝලේ යන තරුණ කෙල්ලෙක්ව කවුද මරලා දාලා තියෙනවා හොයාගන්නවා. මේක ලොකු අපරාධයක්.
කිසිම හිතක් පපුවක් නැතිව, වැඩිය හොයන්නේ බලන්නේ නැතිව, පොලීසිය මේ මිනීමැරුමට අල්ලගන්නේ අර අම්මගෙ පුතාව. එයාට විරුද්ධව යම් යම් සාක්ෂිත් වගේ දේවල් හම්බවෙනවා.
ඒත් අම්මා එක තත්පරයක්වත් විශ්වාස කරන්නේ නෑ එයාගෙ පුතා මිනීමරුවෙක් කියලා. පොලීසිය, නීතිඥයෝ කවුරුත් හරියට උදව් කරන්නේ නැති තැන, මේ අම්මා තනියම පාරට බහිනවා. එයාගෙ පුතාව බේරගන්න, ඇත්ත මිනීමරුවා කවුද කියලා හොයන්න එයාම පරීක්ෂණයක් පටන් ගන්නවා.
මේ අම්මා ඇත්ත හොයාගෙන යද්දි එයාට මුහුණ දෙන්න වෙන දේවල්, එයා දැනගන්න අඳුරු රහස්… ආයෙ කියන්න දෙයක් නෑ. අම්ම කෙනෙක්ගෙ ආදරේ කොයි තරම් භයානක දුරක් යන්න පුළුවන්ද කියලා මේක බැලුවම ඔයාට තේරෙයි. කුතුහලයෙන් බලන් ඉන්න පුළුවන් ෆිල්ම් එකක්.
