Image Not Found

The Batman vs. Dracula (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ගෝතම් නගරයට එළිවෙන්නෙ අමුතුම විදිහෙ කරදරයකින්. කතාව පටන් ගන්නේ ජෝකර් සහ පෙන්ගුයින් ආකම් එකෙන් පැනගන්න තැනින්. දෙන්නගෙම ප්ලෑන් එක තමයි ගෝතම් සුසාන භූමියේ හංගපු ලොකු සල්ලි වගයක් හොයාගන්න එක. බැට්මෑන් ජෝකර්ව පන්නගෙන ගියත්, පෙන්ගුයින් අහම්බෙන් ලොකුම විනාශයක් කරගන්නවා.

එයා සල්ලි හොයද්දි, සොහොනක් ඇතුළෙදි අත කැපිලා වැටෙන ලේ බිංදු කීපයක්, අවුරුදු ගාණක් මැරිලා හිටපු මිනියක් උඩට වැටෙනවා. ඒකෙන් ඇහැරෙන්නෙ වෙන කවුරුත් නෙවෙයි, වැම්පයර්ලගෙ රජා, කවුන්ට් ඩ්‍රැකියුලා!

ඩ්‍රැකියුලා මුලින්ම පෙන්ගුයින්ව එයාගෙ වහලෙක් කරගන්නවා. ඊටපස්සේ ගෝතම් නගරයේ මිනිස්සු එකා දෙන්නා අතුරුදන් වෙන්න පටන් ගන්නවා. මේ අය “ලොස්ට් වන්ස්” (නැතිවූවන්) කියලා තමයි ප්‍රසිද්ධ වෙන්නේ. ඇත්තටම ඩ්‍රැකියුලා කරන්නේ එයාගෙ වැම්පයර් හමුදාවක් හදන එක.

විනාසෙ කියන්නෙ, මිනිස්සු මේ හැමදේටම දොස් කියන්නෙ බැට්මෑන්ට! මොකද සාක්ෂිකාරයෝ දකින්නේ “වවුලෙක් වගේ රූපයක්” විතරයි.

මේ අතරෙ ඩ්‍රැකියුලා, බ්රූස් වේන්ගෙ පෙම්වතිය විකී වේල්ව එයාගෙ අඳුරු චාරිත්‍රයක් වෙනුවෙන් පැහැරගන්නවා. බැට්මෑන්ට දැන් තියෙන්නෙ ද්විත්ව අභියෝගයක්. තමන්ගෙ නම රැකගන්න ගමන්, අමරණීය ඩ්‍රැකියුලාව නවත්තලා, විකීව බේරගෙන, වැම්පයර්ලා වුණු අහිංසකයන්ට බෙහෙතකුත් හොයන්න වෙනවා.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.