Image Not Found

The Host (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි

“The Host” (2013) මේක “Twilight” ලියපු ස්ටෙෆනී මයර්ගේම පොතකින් ගත්ත කතාවක්. මේක අධ්‍යක්ෂණය කළේ Andrew Niccol. ප්‍රධාන චරිත විදිහට Saoirse Ronan (මෙයා තමයි ප්‍රධානම), Max Irons සහ Diane Kruger වගේ අය ඉන්නවා.

මුළු ලෝකයම පිටසක්වල ජීවීන් ජාතියක් අල්ලගෙන ඉවරයි. මේ අයට කියන්නේ “Souls” (ආත්ම) කියලා. එයාලා හරිම ශාන්තයි, ඒත් එයාලා මිනිස්සුන්ගේ ඇඟවල් ඇතුළට රිංගලා, ඒ මිනිස්සුන්ගේ ඔළුව (මතකය, හැඟීම්, පෞරුෂය) සම්පූර්ණයෙන්ම මකලා දාලා, ඒ ඇඟ පාලනයට ගන්නවා. දැන් ඉතින් පාරේ යන එන හැමෝගෙම ඇස් දිලිසෙනවා, එයාලා දැන් ‘සෝල්’ලා.

මේ අතරේ, බේරිලා ඉන්න අන්තිම මිනිස්සු ටිකෙන් කෙනෙක් තමයි “මෙලනි” (Saoirse Ronan). හැබැයි එයාවත් අන්තිමේදී අල්ලගන්නවා. “වොන්ඩරර්” (Wanderer) කියලා සෝල් කෙනෙක්ව මෙලනිගේ ඇඟ ඇතුළට දානවා.

හැබැයි පිටසක්වලයින් හිතපු නැති දෙයක් වෙනවා. මෙලනිගේ හිත (consciousness) මැරෙන්නේ නැහැ. එයා ඇඟ ඇතුළේ ඉඳන් අර පිටසක්වල ජීවියා (වොන්ඩරර්) එක්ක කතා කරනවා, රණ්ඩු වෙනවා.

මෙලනිට ඕන එයාගේ මල්ලිවයි, පෙම්වතාවයි (ජෙරඩ්) හොයාගන්න. ටික ටික වොන්ඩරර්ටත් මෙලනිගේ මතකයන් නිසා ඒ මිනිස්සු ගැන හැඟීම් ඇතිවෙන්න ගන්නවා. දැන් එකම ඇඟ ඇතුළේ දෙන්නෙක්. පිටසක්වල පොලීසිය (සීකර්ස්ලා) මෙයාලව හොයනවා.

මෙලනි/වොන්ඩරර් කොහොමහරි පැනලා ගිහින් අර බේරිලා ඉන්න මිනිස්සුන්ව හොයාගන්නවා. හැබැයි හිතන්න, අනිත් මිනිස්සු මේ එන පිටසක්වල ජීවියාව (වොන්ඩරර්ව) බාරගනීවිද? මෙලනිගේ පෙම්වතා එයා දිහා බලද්දි දකින්නේ මෙලනිවද, නැත්නම් ඇඟ අල්ලගත්ත ‘සෝල්’ කෙනෙක්වද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.