Image Not Found

End Game (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මුලින්ම නළු නිළියෝ ගැන පොඩ්ඩක් කියන්නම්. මේකේ ප්‍රධාන චරිතය ඒ කියන්නේ Alex Thomas ගේ චරිතය කරන්නේ Cuba Gooding Jr. ඊට අමතරව James Woods සහ Angie Harmon වගේ දක්ෂ නළු නිළියොත් මේකට එකතු වෙලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Andy Cheng.

කතාව පටන් ගන්නේ හරිම දරුණු සිද්ධියකින්. ඇමරිකාවේ ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේම වෙඩි තියලා ඝාතනය කරනවා. මේ වෙලාවේ ජනාධිපතිගේ ආරක්ෂාවට හිටපු ප්‍රධාන Secret Service ඒජන්ට් තමයි Alex Thomas. කොච්චර දැඟලුවත් එයාට ජනාධිපතිව බේරගන්න බැරි වෙනවා. මේ නිසා Alex ඉන්නේ ලොකු පසුතැවීමකින් සහ කේන්තියකින්.

ඔය අතරේ Kate කියලා දක්ෂ මාධ්‍යවේිනියක් මේ මිනීමැරුම ගැන තොරතුරු හොයන්න පටන් ගන්නවා. එයාට තේරෙනවා මේක නිකන්ම පිස්සෙක් කරපු වෙඩි තැබීමක් නෙවෙයි, මේක පිටිපස්සේ ලොකු රහස් කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. ඉතින් Alex සහ Kate එකතු වෙලා මේකේ ඇත්ත මුල හොයන්න පටන් ගන්නවා.

හැබැයි වැඩේ ලේසි වෙන්නේ නෑ. මේ රහස හොයන්න යන දෙන්නා පස්සෙන් මරුවෝ එලවන්න ගන්නවා. කාව විශ්වාස කරන්නද කියලා හිතාගන්න බැරි තත්ත්වයක් උදා වෙන්නේ. ආණ්ඩුවේ ඉහළම තැන්වල ඉන්න අය පවා මේකට සම්බන්ධද කියලා සැක හිතෙනවා.

අන්තිමට ජනාධිපතිව මැරුවේ කවුද? ඇයි මැරුවේ? මේ ප්‍රශ්නවලට උත්තර හොයාගෙන යන ත්‍රාසජනක ගමන තමයි ෆිල්ම් එක පුරාම යන්නේ. කුතුහලය කැමති අයට නියම ෆිල්ම් එකක්!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.