
Heist (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක සුපිරි ඩිරෙක්ටර් කෙනෙක් වන ඩේවිඩ් මැමට්ගේ (David Mamet) වැඩක්. ප්රධාන චරිතයට ඉන්නේ අපි කවුරුත් දන්න ජීන් හැක්මන් (Gene Hackman). ඒ වගේම ඩැනී ඩිවිටෝ (Danny DeVito) සහ සෑම් රොක්වෙල් (Sam Rockwell) වගේ දක්ෂ නළු සෙට් එකකුත් මේකට ඉන්නවා.
කතාව යන්නේ ජෝ මුවර් වටා. මිනිහා වයසක වුණාට මාරම මොළයක් තියෙන, වැඩක් කළොත් අහුවෙන්නෙ නැති දක්ෂ හොරෙක්. හැබැයි දවසක් ජුවෙලරි ෂොප් එකක් මංකොල්ලකන්න ගිහින් පොඩි මිස්ටේක් එකකින් මිනිහගේ මූණ CCTV එකක රෙකෝඩ් වෙනවා. ඒ හින්දා ජෝ තීරණය කරනවා දැන් මේ රස්සාවෙන් අයින් වෙලා, තියෙන සල්ලි ටිකත් අරන් පැත්තකට වෙලා ඉන්න.
හැබැයි ප්රශ්නේ තියෙන්නේ ජෝට සල්ලි දෙන ඒජන්ට්, බර්ග්මන් (Danny DeVito) මිනිහට යන්න දෙන්නේ නෑ. බර්ග්මන් ජෝව බ්ලැක්මේල් කරනවා “තව එකම එක ලොකු වැඩක් කරලා දුන්නොත් විතරයි උඹට යන්න දෙන්නේ” කියලා. ඒ වැඩේ තමයි ස්විස් ගුවන් යානයක ගෙනියන ලොකු රත්තරන් තොගයක් උස්සන එක.
ජෝ මේ වැඩේට කැමති වුණාට, එතන ඉඳන් තමයි නියම ගේම් එක පටන් ගන්නේ. මේක නිකන්ම හොරකමක් නෙවෙයි, හැමෝම ට්රයි කරන්නේ අනිත් එකාව රවට්ටන්න. කවුද ඇත්තටම කාගෙ පැත්තෙද, කවුද පාවල දෙන්නේ කියලා හිතාගන්න බැරි විදිහට කුතුහලය පිරිලා තියෙන්නේ.
එකෙක්ටවත් එකෙක්ව ෂුවර් නෑ. අන්තිම මොහොත වෙනකම්ම මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරි, පට්ට ට්විස්ට් තියෙන ෆිල්ම් එකක්. ජෝට මේ අන්තිම වැඩේ කරලා බේරෙන්න පුළුවන් වෙයිද කියලා දැනගන්න ෆිල්ම් එකම බලන්න වෙනවා!
