
Paul, Apostle of Christ (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි
“Paul, Apostle of Christ” (2018) මේ ෆිල්ම් එකේ අපිට පෙන්නන්නේ පාවුල්තුමාගේ ජීවිතේ අන්තිම කාලේ. හිතන්නකෝ, පාවුල් දැන් ගොඩක් වයසයි. එයා ඉන්නේ රෝමයේ, නීරෝ අධිරාජ්‍යයාගේ දරුණුම හිරගෙයක. මරණ දඬුවම ලැබිලයි ඉන්නේ. ඒ කාලේ නීරෝ, රෝමය ගිනි ගත්ත එකටත් ක්‍රිස්තියානි අයට දොස් පවරලා, එයාලව දරුණු විදිහට මරමින් හිටපු කාලයක්.
ඔන්න ඔය වෙලාවේ තමයි, ලූක් (ශුභාරංචිය ලියපු කෙනා) තමන්ගේ ජීවිතයත් පරදුවට තියලා, රහසින්ම රෝමයට එනවා පාවුල්ව හම්බවෙන්න. ලූක්ගේ අරමුණ තමයි, මේ හැමදේම පටන් ගත්ත හැටි, ඒ කියන්නේ “ඒ මාර්ගයේ” කතාව ලියන්න පාවුල්ගෙන් විස්තර ගන්න එක. ඒ වගේම, එළියේ ඉන්න, බයෙන් ජීවත් වෙන ක්‍රිස්තියානි ප්‍රජාවට පාවුල්ගෙන් පණිවිඩයක් අරන් යන්නත් ඕන.
ෆිල්ම් එකේ ගොඩක් වෙලාවට යන්නේ පාවුල් හිරගෙදර ඇතුළේ තමන්ගේ පරණ කාලේ (සාවුල් වෙලා ඉද්දී කරපුවා) ගැන මතක් කරලා දුක්වෙන හැටියි, ලූක් එක්ක කරන කතාබහයි. එළියේ ඉන්න ක්‍රිස්තියානි අයත් දෙකට බෙදිලා; සමහරු කියනවා “අපි රෝමයෙන් පැනලා යමු” කියලා, තවත් අය කියනවා “නැහැ, අපි මෙහේ ඉන්න ඕන” කියලා.
ලූක්ට එයාගේ පොත ලියන්න පුළුවන් වෙයිද? පාවුල්ගේ අන්තිම මොහොත කොහොම වෙයිද? අර එළියේ ඉන්න අයට මොකද වෙන්නේ? කතාවේ කුතුහලය තියෙන්නේ එතනයි.
පාවුල් (Paul) විදිහට: ජේම්ස් ෆෝක්නර් (James Faulkner)
ලූක් (Luke) විදිහට: ජිම් කැවීසල් (Jim Caviezel) – (මෙයා තමයි ‘Passion of the Christ’ එකේ ජේසුස් වහන්සේගේ චරිතය කළේ)
අධ්‍යක්ෂක: ඇන්ඩෘ හයට් (Andrew Hyatt)
