Image Not Found

In the Name of the King: A Dungeon Siege Tale (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Uwe Boll විසින්. විශේෂම දේ තමයි මේක වීඩියෝ ගේම් එකක් පාදක කරගෙන හදපු කතාවක්. ප්‍රධාන චරිතයට පණ දෙන්නේ අපි කවුරුත් දන්න සුපිරි ක්‍රියාදාම නළු Jason Statham. ඒ වගේම Ray Liotta, Burt Reynolds සහ Ron Perlman වගේ දක්ෂ නළු නිළියන් රැසක් මේකට දායක වෙලා තියෙනවා.

කතාව පටන් ගන්නේ “Farmer” (Jason Statham) කියන චරිතයෙන්. නමේ හැටියටම මෙයා ගොවිතැන් කරගෙන, තමන්ගේ බිරිඳයි දරුවයි එක්ක හරිම සාමකාමී ජීවිතයක් ගත කරන සාමාන්‍ය මනුස්සයෙක්. කාටවත් කරදරයක් නැති මේ අහිංසක ජීවිතේට එක පාරටම කණකොකා හඬනවා.

ඒ “Krugs” කියලා හඳුන්වන ඉතාම දරුණු, මෘග සත්තු වගයක් මේ ගම්මානයට හදිසියේම පහර දෙනවත් එක්කමයි. මේ ආක්‍රමණය නිසා Farmerගේ මුළු ලෝකෙම කණපිට පෙරළෙනවා. එයාගේ කුඩා පුතා මියයනවා වගේම, මේ සත්තු එයාගේ බිරිඳව පැහැරගෙන යනවා.

දැන් ඉතින් Farmerට තියෙන්නේ එකම එක අරමුණයි. ඒ තමයි කොහොම හරි තමන්ගේ බිරිඳව බේරගන්න එක සහ තමන්ගේ පවුල විනාශ කරපු අයට දඬුවම් දෙන එක. මෙයා තමන්ගේ හිතවත් යාළුවෝ දෙන්නෙක් එක්ක මේ භයානක ගමන පටන් ගන්නවා. හැබැයි යන අතරමගදී තමයි තේරෙන්නේ මේක නිකන්ම සත්තුන්ගේ පහර දීමක් නෙවෙයි කියලා. මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ Gallian කියන බලවත් ඒ වගේම දුෂ්ට මායාකාරයෙක්. එයාට ඕන වෙලා තියෙන්නේ මේ සත්තුන්ව පාවිච්චි කරලා මුළු රාජධානියම අල්ලගන්න.

මේ යුද්ධය අස්සේ Farmer ගැනත් කාටවත් හිතාගන්න බැරි ලොකු රහසක් එළියට එනවා. ඇත්තටම මේ Farmer කියන්නේ කවුද? නිකන්ම නිකන් ගොවියෙක්ට මේ වගේ බලවත් මායාකාරයෙක් එක්ක හැප්පිලා දිනන්න පුළුවන් වෙයිද? අන්තිමට එයාට තමන්ගේ බිරිඳව බේරගන්න ලැබෙයිද කියලා දැනගන්න නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.