
Body Cam (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක 2020 ආපු ටිකක් වෙනස් විදියේ Horror/Thriller චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කළේ Malik Vitthal. ප්‍රධාන චරිතය වන ‘රෙනී’ ලෙස රඟපාන්නේ අපි කවුරුත් දන්න ලෝක ප්‍රසිද්ධ ගායිකාවක් සහ නිළියක් වන Mary J. Blige. ඊට අමතරව Nat Wolff ත් මෙහි රඟපෑමෙන් දායක වෙනවා.
කතාව පටන් ගන්නේ රෙනී කියන පොලිස් නිලධාරිනියගෙන්. පෞද්ගලික ප්‍රශ්නයක් නිසා වැඩ තහනමකට ලක්වෙලා හිටපු රෙනී, ආපහු සේවයට වාර්තා කරන පළවෙනි දවස තමයි මේ. එදා රෑ වැඩට බැස්සම තමයි නරකම දේ සිද්ධ වෙන්නේ. රෙනීගේ සහායක පොලිස් කණ්ඩායමක් වාහනයක් නවත්වන්න ගිහින් ලොකු අකරතැබ්බයකට මූණ දෙනවා. එතැන හිටපු පොලිස් නිලධාරියෙක්ව කවුරු හරි මරලා දානවා. හැබැයි ඒ මරණය වෙලා තියෙන්නේ හරිම අමානුෂික සහ අද්භූත විදියට.
මේකේ තියෙන ලොකුම කුතුහලය එන්නේ අර මරණය සිද්ධ වුණු වෙලාවේ ඒ නිලධාරියාගේ ඇඟේ තිබුණු කැමරාවේ (Body Cam) වීඩියෝ එක බැලුවාමයි. ඒ වීඩියෝ එකේ රෙකෝඩ් වෙලා තියෙන දේවල් සාමාන්‍ය මනුස්සයෙක්ට කරන්න පුළුවන් දේවල් නෙවෙයි. නිකන් අදෘශ්‍යමාන බලවේගයක් වගේ දෙයක් තමයි එතන පේන්න තියෙන්නේ.
පොලිසියේ ලොකු අය මේක සාමාන්‍ය මැර කල්ලියක වැඩක් කියලා කේස් එක වහන්න හදනවා. ඒත් රෙනීට තේරෙනවා මෙතන ඊට එහා ගිය භයානක රහසක් තියෙනවා කියලා. ඇත්තටම එදා රෑ මොකද වුණේ? මේ පස්සෙන් එන්නේ හොල්මනක්ද? නැත්නම් ඊට වඩා දරුණු පළිගැනීමක්ද? අන්තිම වෙනකම්ම හුස්ම හිර කරගෙන බලන්න පුළුවන් පට්ටම කතාවක් මේක.
