
The Island (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි
(The Island – 2023)
අධ්‍යක්ෂණය: ෂෝන් පෝල් පිකිනිනෝ (Shaun Paul Piccinino) ප්‍රධාන නළු නිළියන්: මයිකල් ජේ. වයිට් (මාක්), ජැක්සන් රත්බෝන් (ෆිල්), ගිලියන් වයිට් (අකීලා)
මේක ක්‍රියාදාම පිරුණු ත්‍රාසජනක කතාවක්. කතාව පටන් ගන්නේ මාක් (Mark) කියන පොලිස් නිලධාරියාගෙන්. එයා ලොස් ඇන්ජලීස්වල පොලිසියේ වැඩ කරන කෙනෙක්. දවසක් එයාට ආරංචියක් ලැබෙනවා එයාගේ සහෝදරයා අභිරහස් විදිහට මිය ගිහින් කියලා. මේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ පොඩි දූපතක.
තමන්ගේ මල්ලිගේ මරණය ගැන හොයන්න මාක් මේ දූපතට යනවා. ගියාම තමයි එයාට තේරෙන්නේ මේක නිකම්ම දූපතක් නෙවෙයි කියලා. මේ දූපත පාලනය කරන්නේ දූෂිත බලවත් කල්ලියක්. මේ කල්ලියේ නායකයා තමයි ෆිල් (Phil) කියන්නේ. මුළු දූපතම එයාගේ අණට තමයි වැඩ කරන්නේ. පොලිසිය පවා එයාට බයයි.
මාක් එයාගේ මල්ලිගේ මරණය ගැන අහද්දි හැමෝම කට වහගෙන ඉන්නවා. හැබැයි මාක් ලේසියෙන් අතහරින කෙනෙක් නෙවෙයි. එයා මේ අභිරහස විසඳන්න තනියම සටන් කරන්න පටන් ගන්නවා. එයාට උදව්වට ඉන්නේ මියගිය සහෝදරයාගේ බිරිඳ විතරයි.
මේ දූෂිත කල්ලිය එක්ක මාක් කොහොමද හැප්පෙන්නේ? එයාගේ මල්ලිව මැරුවේ ඇයි? මාක්ට මේ දූපතෙන් පණපිටින් බේරිලා යන්න පුළුවන් වෙයිද? මේ ඔක්කොම දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. හොඳ ඇක්ෂන් සීන් ටිකක් එක්ක කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්.
