
John Henry (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේ ෆිල්ම් එක අධ්යක්ෂණය කරලා තියෙන්නේ විල් ෆෝබ්ස් (Will Forbes). ප්රධාන චරිතයට ඉන්නේ අපි කවුරුත් දන්න, ගොඩක් වෙලාවට කොමඩි චරිතවලින් දකින ටෙරී කෲස් (Terry Crews). හැබැයි මේකේ මනුස්සයා මාරම සීරියස්. ඒ වගේම ප්රසිද්ධ රැප් ගායක ලුඩක්රිස් (Ludacris) මේකේ විලන්ගේ චරිතයට පණ පොවනවා.
ජෝන් හෙන්රි කියන්නේ දැක්කම බය හිතෙන සයිස් එකේ යෝධයෙක් වගේ මනුස්සයෙක්. හැබැයි මිනිහා කාටවත් කරදරයක් නැතුව, හරිම නිස්කලංක ජීවිතයක් ගත කරන කෙනෙක්. එයාගේ අතීතය ගොඩක් ප්රචණ්ඩකාරී එකක් වුණාට, දැන් මිනිහා ඒ ඔක්කොම අත ඇරලා සද්ද නැතුව ඉන්න තමයි උත්සාහ කරන්නේ.
හැබැයි ඉතින් අපි ප්රශ්න මඟ හැරියට ප්රශ්න අපිව හොයාගෙන එනවනේ. දවසක් මෙයාගේ ඉස්සරහට එනවා පුංචි සංක්රමණික ගැහැණු ළමයෙක්. මේ ළමයා එන්නේ නගරයේ ඉන්න භයානකම පාතාල කල්ලියකින් බේරෙන්න පැනලා දුවගෙන. මේ කල්ලියට නායකත්වය දෙන්නේ ‘හෙල්’ (Hell) කියලා දරුණු මැරයෙක්.
දැන් ජෝන් හෙන්රිට තීරණයක් ගන්න වෙනවා. එක්කෝ ඇස් කන් පියාගෙන ඉන්න ඕන, නැත්නම් අර අසරණ කෙල්ල වෙනුවෙන් ඉස්සරහට එන්න ඕන. අන්තිමට මිනිහා තීරණය කරනවා තමන්ගේ පරණ යකඩ මිටිය ආයෙත් අතට ගන්න.
සාමකාමීව හිටපු යෝධයා තරහ ගියාම කොහොම හැසිරෙයිද? පාතාල කල්ලියට මොන වගේ දඬුවමක් ලැබෙයිද? ජෝන් හෙන්රි ඇත්තටම කවුද? මේ කුතුහලය තියාගෙනම ෆිල්ම් එක බලන්න. ඇක්ෂන් ෆිල්ම් වලට ආස අයට මේක හොඳ අත්දැකීමක් වෙයි.
