Image Not Found

Salaar (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි

නළු නිළියන් සහ අධ්‍යක්ෂකවරයා: මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ අපි කවුරුත් දන්න K.G.F හදපු ප්‍රශාන්ත් නීල් (Prashanth Neel). ප්‍රධාන නළුවා විදිහට සුපිරි නළු ප්‍රභාස් (Prabhas) රඟපානවා වගේම, පෘථිවිරාජ් සුකුමාරන් (Prithviraj Sukumaran) සහ ශ්‍රැති හසන් (Shruti Haasan) වගේ දක්ෂ නළු නිළියන් රැසක් මේකට එකතු වෙලා තියෙනවා.

මේ කතාව දිව යන්නේ මිතුරන් දෙදෙනෙක් වටා. හැබැයි මේක නිකන්ම යාළුකමක් නෙමෙයි, පණට පණ දෙන මට්ටමේ බැඳීමක්. දේව (ප්‍රභාස්) සහ වරද (පෘථිවිරාජ්) කියන්නේ පොඩි කාලේ ඉඳන්ම වෙන් කරන්න බැරි යාළුවෝ දෙන්නෙක්.

කතාව පටන් ගන්නේ “කන්සාර්” (Khansaar) කියන හරිම අද්භූත සහ භයානක නගරයකින්. මේ නගරය පිට ලෝකයෙන් වෙන් වෙලා තියෙන්නේ. එතන පාලනය වෙන්නේ වෙනම නීති රීති සහ බල අරගල මැද්දේ. අවුරුදු ගාණකට පස්සේ, තමන්ගේ හොඳම යාළුවා වුණ වරද ලොකු අමාරුවක වැටුණාම, එයාගේ උදව්වට ආයෙමත් දේව එනවා.

දේව කියන්නේ කාටවත් නවත්වන්න බැරි “වන් මෑන් ආමි” (One Man Army) එකක් වගේ චරිතයක්. එයා තමන්ගේ යාළුවා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්තියි. හැබැයි මේ යාළුකම මැද්දට එන බල පොරොයි, පාවා දීම් සහ ලේ වැගිරීම් එක්ක මේ දෙන්නගේ ඉරණම මොන වගේ වෙයිද? කන්සාර් අධිරාජ්‍යය කාට අයිති වෙයිද? ඒ වගේම මේ යාළුකම අන්තිම වෙනකම්ම තියේවිද?

මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර හොයාගන්න නම්, ඇසිපිය නොහෙලා බලන්න පුළුවන් මේ සුපිරි ඇක්ෂන් ෆිල්ම් එක ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕන!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.