
The Night Comes for Us (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි
නළු නිළියන් සහ අධ්‍යක්ෂණය: මේක ඉන්දුනීසියානු චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Timo Tjahjanto විසින්. විශේෂම දේ තමයි, අපි කවුරුත් ආස කරපු The Raid චිත්‍රපටයේ හිටපු Joe Taslim (ඉටෝ ලෙස) සහ Iko Uwais (අරියන් ලෙස) මේකේ ප්‍රධාන චරිත කරනවා. ඒ වගේම Julie Estelle ත් මේකේ ඉන්නවා. ඉතින් ෆයිට් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ, සුපිරිම වැඩ කෑලි ටිකක් බලාගන්න පුළුවන්.
කතාව පටන් ගන්නේ ඉටෝ (Ito) කියන දරුණු මැරයා වටා. මිනිහා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, අග්නිදිග ආසියාවම හොල්ලන් ඉන්න “ත්‍රියාඩ්” (Triad) පාතාල කල්ලියේ ඉහළම මිනීමරුවන් හය දෙනාගෙන් කෙනෙක්. මෙයාලට කියන්නේ “Six Seas” කියලා. කාටවත් බය නැති, ඕනම කෙනෙක්ව අමු අමුවේ මරලා දාන්න පුළුවන් චරිතයක් තමයි ඉටෝ කියන්නේ.
දවසක් ඉටෝට ඕඩර් එකක් එනවා මුහුදු වෙරළක තියෙන පොඩි ගමක ඉන්න මිනිස්සු ඔක්කොම මරලා දාන්න කියලා. හැබැයි මේ වෙලාවේ එතන හිටපු පොඩි අහිංසක ගැහැණු ළමයෙක්ව දැක්කම මේ යකෙක් වගේ හිටපු මනුස්සයාගේ හිත වෙනස් වෙනවා. එයා තීරණය කරනවා තමන්ගේ ලොක්කන්ට පිටුපාලා, තමන්ගේ කල්ලියේ අයවම මරලා හරි මේ ළමයව බේරගන්න.
මේක දැනගත්ත ගමන් පාතාල ලෝකයම ගිනි ගන්නවා. එයාලා ඉටෝව මරන්න එයාගෙම පරණ හොඳම යාළුවා වෙච්ච “අරියන්” ව එවනවා. දැන් ඉටෝ ඉන්නේ ලොකු උගුලක හිරවෙලා. එක පැත්තකින් තමන්ගේ පරණ යාළුවා තමන්ව මරන්න එනවා, අනිත් පැත්තෙන් මුළු පාතාලයම එයා පස්සේ පන්නනවා.
මේ ලේ විල මැද්දෙන් ඉටෝට අර පොඩි කෙල්ලව බේරගන්න පුළුවන් වෙයිද? යාළුවෝ දෙන්නා මුණගැහුනම මොනවා වෙයිද? ඇඟ හිරිවැටෙන මට්ටමේ දරුණුම සටන් ජවනිකා එක්ක මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා
