
Constantine: City of Demons – The Movie (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Doug Murphy. විශේෂම දේ තමයි මේකේ ප්‍රධාන චරිතය, ඒ කියන්නේ ජෝන් කොන්ස්ටන්ටයින්ට කටහඬ දෙන්නේ Matt Ryan මයි. කොන්ස්ටන්ටයින් TV සීරීස් එක බලපු අය දන්නවනේ එයාගේ ගැම්ම. ඒ වගේම චැස් (Chas) ගේ චරිතයට Damian O’Hare හඬ දෙනවා.
කතාව මොකක්ද? අපි කවුරුත් දන්න ජෝන් කොන්ස්ටන්ටයින් කියන්නේ භූත බලවේග, මායා බන්ධන එක්ක ගනුදෙනු කරන අද්භූත වැඩකාරයෙක්නේ. ඔන්න දවසක් කාලෙකට පස්සේ ජෝන්ගේ පරණම යාළුවෙක් වෙන ‘චැස්’ හදිසියේම ජෝන්ව හොයාගෙන එනවා. හේතුව තමයි චැස්ගේ පොඩි දුව ‘ට්‍රිෂ්’ එකපාරටම කෝමා එකකට ගිහින් සිහි නැති වෙන එක. දොස්තරලටවත් මේක හොයාගන්න බැරි වුණාට ජෝන්ට තේරෙනවා මේක සාමාන්‍ය ලෙඩක් නෙවෙයි, දරුණු යක්ෂ බලපෑමක් කියලා.
ඉතින් පොඩි කෙල්ලගේ ආත්මය බේරගන්න ජෝන් සහ චැස් ලොස් ඇන්ජලීස් වලට යනවා. හැබැයි එතන තියෙන්නේ නිකන්ම නගරයක් නෙවෙයි, යක්ෂයින් පිරුනු තැනක්. එතැනදී තමයි ‘බෙරූල්’ කියලා මහා භයානක යක්ෂයෙක් එක්ක හැප්පෙන්න වෙන්නේ. මේ යක්ෂයාට ඕන ලෝකයම අපායක් කරන්න.
මේ සිද්ධියත් එක්ක ජෝන්ගේ අතීතයේ වෙච්ච ලොකු වැරැද්දකුත් සම්බන්ධ වෙනවා. ඉතින් ජෝන්ට පුළුවන් වෙයිද යක්ෂයාගේ බලය කඩලා අර අහිංසක කෙල්ලව බේරගන්න? අන්තිමට ජෝන්ට මොකද වෙන්නේ? ඒ ටික දැනගන්න කුතුහලයෙන් පිරුණු මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.
