Image Not Found

Stree (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි

‘Stree’ (2018) කියන්නෙ ඔයාලා හිතන සාමාන්‍ය හොල්මන් කතාවක් නෙවෙයි. මේක Horror (භීතිය) සහ Comedy (හාස්‍යය) පට්ට විදියට බැලන්ස් කරපු ෆිල්ම් එකක්.

කතාව යන්නෙ ‘චන්දේරි’ කියන පොඩි නගරයක. හැම අවුරුද්දෙම පූජා දවස් හතරෙදි ‘ස්ත්‍රී’ කියලා අමුතු ආත්මයක් ගමට එනවා. මේකෙ තියෙන විශේෂත්වය තමයි, ‘ස්ත්‍රී’ පැහැරගෙන යන්නෙ පිරිමින්ව විතරයි! අරන් ගියාම ඉතුරු වෙන්නෙ එයාලගෙ ඇඳුම් විතරයි. ඉතින් ගමේ හැමෝම බයෙන් බිත්තිවල “ඕ ස්ත්‍රී, කල් ආනා” (ඒ කියන්නේ, ස්ත්‍රී… හෙට එන්න) කියලා ලියලා තියෙනවා.

මේ අතරේ තමා අපිට ‘විකී’ව හම්බවෙන්නෙ. විකී (මේකට ඉන්නෙ සුපිරි නළුවෙක් වන රාජ්කුමාර් රාඕ) ගමේ ඉන්න දක්ෂ ටේලර් කෙනෙක්. එයාට මේ උත්සව කාලෙදිම අභිරහස් කෙල්ලෙක්ව (මේ චරිතෙ කරන්නෙ ශ්‍රද්ධා කපූර්) හම්බවෙනවා. එයා එන්නෙත් මේ දවස් ටිකේ විතරයි, එයා ගැන කවුරුත් දන්නෙත් නෑ.

ප්‍රශ්නෙ පටන් ගන්නෙ විකීගෙ හොඳම යාළුවෙක්ව ‘ස්ත්‍රී’ උස්සගෙන ගියාම. දැන් විකීටයි, එයාගෙ අනිත් යාළුවන්ටයි (පන්කජ් ත්‍රිපාඨි එහෙමත් කතාවට සෙට් වෙනවා) මේ ‘ස්ත්‍රී’ කියන අභිරහස විසඳන්න වෙනවා.

ඇත්තටම කවුද මේ ‘ස්ත්‍රී’? ඇයි එයා පිරිමින්ව විතරක් අරන් යන්නෙ? විකීට හම්බවුණු මේ අමුතු කෙල්ල කවුද? එයාටයි ‘ස්ත්‍රී’ටයි මොකක්හරි සම්බන්ධයක් තියෙනවද?
ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ අමර් කෞශික්. බයයි, ඒ එක්කම හොඳට හිනාත් යනවා

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.