Image Not Found

Unlocked (2023 [KOREAN]) Sinhala Subtitle | සිංහල උපසිරැසි

Unlocked (2023) – ස්මාර්ට් ජංගම දුරකථනයක් ඔබේ ජිවිතේම විනාශ කරන හැටි!

මුලින්ම මේකේ කාස්ට් එක ගැන පොඩ්ඩක් කියන්නම්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kim Tae-joon. ප්‍රධාන චරිත විදිහට Chun Woo-hee (නා-මී ලෙස) සහ Im Si-wan (ජුන්-යොන්ග් ලෙස) රඟපානවා. විශේෂයෙන්ම කියන්න ඕනේ, අහිංසක පෙනුමක් තියෙන Im Si-wan මේකේ කරන්නේ ඇඟ හිරිවැටෙන තරම් භයානක චරිතයක්.

නිකමට හිතන්න, ඔයාගේ මුළු ජීවිතේම තියෙන ස්මාර්ට් ෆෝන් එක නැති වුණොත් මොකද වෙන්නේ? මේ කතාවේ ඉන්න නා-මී කියන සාමාන්‍ය තරුණියට වෙන්නෙත් ඕකමයි. එයා රෑ පාටියක් ඉවර වෙලා එද්දී බස් එකේ ෆෝන් එක දාලා එනවා.

හැබැයි නා-මීට වෙච්ච නරකම දේ ෆෝන් එක නැති වුණ එක නෙවෙයි, ඒක ජුන්-යොන්ග් කියන භයානක පුද්ගලයා අතට පත් වුණ එක. එයා ෆෝන් එක ආපහු නා-මීට දෙනවා, හැබැයි නිකන් නෙවෙයි. එයා ඒකට Spyware එකක් (ඔත්තු බලන මෘදුකාංගයක්) දාලා තමයි දෙන්නේ.

දැන් නා-මී හිතාගෙන ඉන්නේ ෆෝන් එක හම්බුණා, වැඩේ ගොඩ කියලා. හැබැයි එයා දන්නේ නෑ එයාගේ ෆෝන් එකේ කැමරාවෙන්, මයික්‍රොෆෝන් එකෙන් එයා කරන හැම දේම අර පුද්ගලයා බලන් ඉන්නවා කියලා. එයා නා-මීගේ සල්ලි, රස්සාව, යාළුවෝ විතරක් නෙවෙයි එයාගේ තාත්තාවත් ටිකෙන් ටික නා-මීගෙන් ඈත් කරවනවා.

මේ අතරේ පොලිස් පරීක්ෂකවරයෙක් මිනීමැරුම් සිද්ධියක් ගැන හොයනවා. එයාට සැක හිතෙනවා මේ අපරාධය සහ ජුන්-යොන්ග් අතර සම්බන්ධයක් තියෙනවා කියලා.

තමන්ගේම ෆෝන් එක තමන්ගේ මාරයා වුණොත් කොහොමද? මේ අද්භූත පුද්ගලයා ඇත්තටම කවුද? නා-මීට මේකෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද?

මේක ඇත්තටම අද කාලේ ඕනම කෙනෙක්ට වෙන්න පුළුවන් දෙයක් නිසා, බලනකොට දැනෙන බය සහ කුතුහලය දෙගුණ වෙනවා. ත්‍රිලර් ෆිල්ම් බලන්න ආස නම් අතාරින්න එපා!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.