Image Not Found

88 Minutes (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ඔන්න එහෙනම් අද ගෙනාවේ ත්‍රාසය පිරුණු සුපිරිම ෆිල්ම් එකක්. මේකේ නම “88 Minutes (2007)”. විශේෂම දේ තමයි මේකේ ප්‍රධාන චරිතය කරන්නේ හොලිවුඩයේ දැවැන්තයෙක් වන Al Pacino. ඒ වගේම Benjamin McKenzie සහ Alicia Witt වගේ අයත් මේකේ ඉන්නවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jon Avnet.

Dr. Jack Gramm (Al Pacino) කියන්නේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් වගේම FBI එකට උදව් කරන අපරාධ මනෝවිද්‍යාඥයෙක්. එයා උසාවියේදී දීපු සාක්ෂියක් නිසා දරුණු මිනීමරුවෙක්ට මරණ දඬුවම නියම වෙනවා. හැබැයි ප්‍රශ්නේ පටන් ගන්නේ එතනින්.

අර මිනීමරුවා හිරේ ඉද්දිම, එළියේ තවත් දරුණු මිනීමැරුම් සිද්ධ වෙන්න පටන් ගන්නවා. හරියට අර හිරේ ඉන්න කෙනා කළා වගේම ක්‍රමයට. මේ නිසා Jack දීපු සාක්ෂි ගැන හැමෝටම සැක හිතෙනවා.

ඔන්න ඔය අතරේ Jack ට අමුතු කෝල් එකක් එනවා.
“උඹට ජීවත් වෙන්න තව තියෙන්නේ විනාඩි 88 යි.”
දැන් එයාගේ ජීවිතේට හරියට time bomb එකක් සෙට් වෙලා වගේ. Jack ට සිද්ධ වෙනවා මේ විනාඩි 88 ඇතුළත තමන්ව මරන්න එන කෙනා කවුද කියලා හොයාගන්න. එයාගේ වටේ ඉන්න ශිෂ්‍යයෝ, යාළුවෝ හැමෝම සැකයි. කාවවත් විශ්වාස කරන්න බැහැ. හැම තත්පරයක්ම වටිනවා.

ඇත්තටම හිරේ ඉන්න මිනීමරුවාට එළියේ ඉඳන් කවුරුහරි උදව් කරනවද? නැත්නම් මේක Jack ගේ අතීතයේ හතුරෙක්ගේ වැඩක්ද? විනාඩි 88 ඉවර වෙන්න කලින් Jack ට තමන්ගේ ජීවිතේ බේරගන්න පුළුවන් වෙයිද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.