
Believe in Me (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක Robert Collector අධ්යක්ෂණය කරපු, ඇත්තම සිදුවීමක් පදනම් කරගෙන හදපු මාරම ලස්සන චිත්රපටියක්. ප්රධාන චරිතය වන ‘ක්ලේ ඩ්රිස්කෝල්’ විදිහට Jeffrey Donovan රඟපානවා වගේම, එයාගේ බිරිඳ විදිහට Samantha Mathis රංගනයෙන් දායක වෙනවා.
කතාව පටන් ගන්නේ මෙහෙමයි. ක්ලේ ඩ්රිස්කෝල් කියන්නේ තරුණ, දක්ෂ කෝච් කෙනෙක්. මෙයා එයාගේ වයිෆ් එක්ක ඔක්ලහෝමා වල තියෙන පොඩි ටවුන් එකකට එන්නේ ලොකු බලාපොරොත්තුවක් තියාගෙන. මිනිහා හිතන් ඉන්නේ ඒ ඉස්කෝලේ කොල්ලන්ගේ බාස්කට්බෝල් (Basketball) ටීම් එක කෝච් කරලා ලොකු නමක් දිනාගන්න.
ඒත් එහෙට ගියාම වෙන්නේ හිතපු නැති දෙයක්. ඉස්කෝලේ බෝඩ් එක එයාට බාර දෙන්නේ පිරිමි ටීම් එක නෙවෙයි, ඒ ඉස්කෝලේ කවුරුත් ගණන් ගන්නේ නැති ගැහැණු ළමයින්ගේ ටීම් එක! මේක 1960 ගණන් වල කතාවක් නිසා, ඒ කාලේ ගැහැණු ළමයි ස්පෝට්ස් කරන එක ගැන සමාජයේ ලොකු පිළිගැනීමක් තිබුණේ නෑ. අඩුම තරමේ එයාලට හරියට ප්රැක්ටිස් කරන්න ජිම් එකක්වත් දෙන්න කවුරුත් කැමති වෙන්නේ නෑ.
මුලදී කෝච්ටත් මේක මාර හිසරදයක් වගේ දැනෙන්නේ. ඒත් පස්සේ එයා තීරණය කරනවා මේ කෙල්ලන්ව නිකන් අතාරින්නේ නෑ කියලා. එයා පිරිමි ළමයින්ට වගේම තදින්, ලොකු කැපවීමකින් මේ ගැහැණු ළමයින්ව පුහුණු කරන්න පටන් ගන්නවා. ගමේ මිනිස්සු, ඉස්කෝලේ ලොක්කො ඔක්කොම මේකට විරුද්ධ වෙනවා. “කෙල්ලොන්ට මොන බාස්කට්බෝල් ද?” කියලා තමයි හැමෝම අහන්නේ.
කිසිම පහසුකමක් නැතුව, ගමේ මිනිස්සුන්ගේ විහිළු තහළු මැද, මේ “Lady Cyclones” කියන අහිංසක කෙල්ලො ටික කොහොමද ස්ටේට් චැම්පියන්ෂිප් එකට යන්න පාර හදාගන්නේ? තමන්ව විශ්වාස කරන එකම එක මනුස්සයෙක් නිසා මුළු ටවුන් එකේම ඉතිහාසය වෙනස් වෙන්නේ කොහොමද? කුතුහලය පිරි අන්තිම හරිය දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
