
Collateral Damage (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක ත්‍රාසය සහ කුතුහලය පිරුණු සුපිරිම Action ෆිල්ම් එකක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ අපි කවුරුත් හොඳටම දන්න, Action චිත්‍රපට රජා වන Arnold Schwarzenegger. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Andrew Davis විසින්.
කතාව පටන් ගන්නේ මෙහෙමයි. ගෝඩි බෲවර් කියන්නේ තමන්ගේ පාඩුවේ රස්සාව කරගෙන ඉන්න හරිම ආදර්ශවත් ගිනි නිවන භටයෙක්. දවසක් මෙයා එයාගේ ආදරණීය බිරිඳයි පුතයි එක්ක කාලය ගත කරන්න හිතාගෙන එයාලව මුණගැහෙන්න යනවා. ඒත් එතන සිද්ධ වෙන හදිසි බෝම්බ පිපිරීමකින් එයාගේ මුළු ලෝකෙම විනාශ වෙලා යනවා. මේ දරුණු ප්‍රහාරය එල්ල කරන්නේ “The Wolf” කියලා හඳුන්වන භයානක ත්‍රස්තවාදියෙක්.
මේ සිද්ධියෙන් පස්සේ ගෝඩි බලාපොරොත්තු වෙනවා නීතියෙන් එයාට ලොකු සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා. ඒත් දේශපාලන හේතු නිසා ඇමරිකානු ආණ්ඩුවට ඒ ත්රස්තවාදියා අල්ලගන්න බැරි වෙනවා. බලධාරීන් කියන්නේ මේ අහිංසක මිනිස්සුන්ගේ මරණ යුද්ධයේදී සිද්ධ වෙන “අතුරු ආබාධ” (Collateral Damage) විතරයි කියලා. මේ කතාවෙන් ගෝඩිගේ ඉවසීමේ සීමාව පනිනවා. එයා තීරණය කරනවා කාගෙවත් උදව් නැතුව තනියම කොලොම්බියාවට ගිහින් මේ ත්රස්තවාදියා හොයාගන්න.
හැබැයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ගෝඩි කියන්නේ විශේෂ හමුදා පුහුණුවක් තියෙන සොල්දාදුවෙක් නෙවෙයිනේ. එයා සාමාන්‍ය ගිනි නිවන භටයෙක් විතරයි. ඉතින් නුපුරුදු රටක, භයානක කැලෑවක් ඇතුලේ දරුණු ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදියෙක් එක්ක තනියම හැප්පෙන්න ගෝඩිට පුළුවන් වෙයිද? එයාගේ පවුල වෙනුවෙන් එයා කොහොමද පලිගන්නේ? අන්තිමට මොකද වෙන්නේ කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා. ඇත්තටම Arnold ගේ ෆිල්ම් වලට ආස අයට නම් මේක මාරම ගති ෆිල්ම් එකක්.
