
Fanaa (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක කුනාල් කෝලි (Kunal Kohli) අධ්‍යක්ෂණය කරපු, බොලිවුඩ්වල සුපිරිම කෙමිස්ට්‍රි එකක් තියෙන ආමිර් ඛාන් (Aamir Khan) සහ කජොල් (Kajol) ප්‍රධාන චරිත රඟපාන ලස්සනම චිත්‍රපටයක්.
සූනි කියන්නේ කාශ්මීර්වල ජීවත් වෙන, උපතින්ම අන්ධ ලස්සන තරුණියක්. එයා ජනරජ දින උත්සවයකට සහභාගී වෙන්න යාළුවොත් එක්ක දිල්ලි එනවා. මෙහෙදි එයාට හම්බවෙනවා රෙහාන් කියලා ටුවර් ගයිඩ් කෙනෙක්ව. රෙහාන් කියන්නේ හරිම කටකාර, කෙල්ලොන්ගේ හිත් දිනාගන්න දක්ෂ කොල්ලෙක්. මුලදී යාළුවෝ එපා කිව්වත්, රෙහාන්ගේ ආදරේට සූනි වශී වෙනවා. රෙහාන් සූනිට ජීවිතේ විඳින්න උගන්නනවා.
ඔහොම ඉන්නකොට සූනිට ඇස් පෙනීම ලබාගන්න පුළුවන් ඔපරේෂන් එකක් කරන්න එයාලා තීරණය කරනවා. හැබැයි වැඩේ කියන්නේ, සූනිට ඇස් පෙනීම ලැබෙන දවසෙම එයාට ආරංචි වෙනවා දිල්ලියේ වුණ ලොකු බෝම්බ පිපිරීමකින් රෙහාන් මැරුණා කියලා. සූනිට කවදාවත් තමන් ආදරේ කරපු රෙහාන්ගේ මූණ බලාගන්න බැරි වෙනවා.
කතාව එතනින් ඉවරයි කියලා හිතුවට එතනින් තමයි වැඩේ පටන් ගන්නේ. අවුරුදු 7කට පස්සේ සූනි එයාගේ පුතා එක්ක කාශ්මීර්වල තනියම ජීවත් වෙනවා. එක දවසක් හිම වැටෙන රැයක තුවාල වුණ සොල්දාදුවෙක් සූනිගේ ගෙදර දොරට තට්ටු කරනවා. සූනි එයාව බේරගන්නවා.
බැලින්නම් මේ සොල්දාදුවා වෙන කවුරුත් නෙවෙයි, අවුරුදු 7කට කලින් මැරුණා කියලා හිතපු රෙහාන්!
එතකොට එදා මැරුණේ කවුද? රෙහාන් ඇයි බොරුවට මැරුණා වගේ රඟපෑවේ? එයා ඇත්තටම ටුවර් ගයිඩ් කෙනෙක්ද නැත්නම් දරුණු ත්‍රස්තවාදියෙක්ද? මේ රහස එළිවෙනකොට සූනිට තමන්ගේ රට සහ ආදරය අතරින් එකක් තෝරගන්න සිද්ධ වෙනවා.
