
Blade of the Immortal (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඔන්න අද ගෙනාවේ Samurai Action වලට කැමති අයට සුපිරිම ජපන් ෆිල්ම් එකක්. මේකේ නම “Blade of the Immortal” (2017). මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජපානයේ ඉන්න දක්ෂම වගේම ආන්දෝලනාත්මක අධ්‍යක්ෂකවරයෙක් වන Takashi Miike. ප්‍රධාන චරිතය වන “මංජි” විදිහට Takuya Kimura රඟපානවා වගේම, පුංචි කෙල්ල “රින්” ගේ චරිතයට පණ දෙන්නේ Hana Sugisaki.
කතාව ගැන කියනවා නම් මෙහෙමයි. මංජි කියන්නේ නිකම්ම නිකන් සමුරායි කෙනෙක් නෙවෙයි. මිනිහට මැරෙන්න බෑ. කොච්චර කැපුවත් කෙටුවත් මිනිහගේ ඇඟ ඇතුලේ ඉන්න අද්භූත පණුවෝ ජාතියක් නිසා ආයෙත් තුවාල සනීප වෙලා පණ එනවා. හැබැයි මේ අමරණීය බව මංජිට මහා වධයක්. එයාට ඕන වෙලා තියෙන්නේ මැරෙන්න. ඒත් මැරෙන්න නම් නරක මිනිස්සු 1000ක් මරලා ඒ පව් ගෙවන්න ඕන.
ඔහොම ඉද්දි තමයි මංජිට රින් (Rin) කියන පුංචි කෙල්ලව හම්බවෙන්නේ. රින්ගේ දෙමව්පියන්ව ඉතාම කුරිරු විදිහට මරලා දානවා “Itto-ryu” කියලා දරුණු කඩු ශිල්ප කණ්ඩායමක්. ඉතින් රින්ට ඕනෙ මේ කල්ලියෙන් පලිගන්න. එයා මංජිගෙන් උදව් ඉල්ලනවා තමන්ගේ ආරක්ෂකයා වෙන්න කියලා. මුලින් අකමැති වුණාට, රින් හරියට තමන්ගේ මැරුණු නංගි වගේ පේන නිසා මංජි මේකට කැමති වෙනවා.
එතනින් එහාට තමයි නියම ගේම පටන් ගන්නේ. අර කඩුවෙන් කොටන කල්ලිය මාරම භයානකයි. මංජිට මැරෙන්න බැරි වුණාට මේ සටන එයාට ලේසි වෙන්නේ නෑ. එකෙක්ට එරෙහිව සියයක් වුණත් ගහගන්න පුළුවන් මාර ෆයිට් සීන් ටිකක් මේකේ තියෙනවා.
ඉතින් අන්තිමට මොකද වෙන්නේ? මංජිට පුළුවන් වෙයිද රින්ගේ පලිය අරන් දෙන්න? අර අමරණීය ශාපයෙන් මංජිට බේරෙන්න පුළුවන් වෙයිද? ඇක්ෂන් ෆිල්ම් වලට ආස අයට නම් මේක පිස්සුවක්. අනිවාර්යයෙන්ම අරන් බලන්න, මේකේ තියෙන කුතුහලය වෙනස්ම අත්දැකීමක් වෙයි.
