Image Not Found

Raazi (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක අධ්‍යක්ෂණය කරන්නේ Meghna Gulzar. ප්‍රධාන චරිතය ඒ කියන්නේ “සෙහ්මත්” විදියට රඟපාන්නේ අපි කවුරුත් ආස කරන ආලියා භට් (Alia Bhatt). එයාගේ මහත්තයා විදියට විකී කෞශල් (Vicky Kaushal) ඉන්නවා. ආලියාගේ ඇක්ටින් නම් මේකේ පට්ටමයි කියන්න වචන නෑ.

කාලය 1971 අවුරුද්ද. ඉන්දියාවයි පාකිස්ථානයයි අතර ලොකු යුද්ධයක් පටන් ගන්න ඔන්න මෙන්න තියෙන්නේ. සෙහ්මත් කියන්නේ කාශ්මීර් වල ඉන්න සාමාන්‍ය කොලේජ් යන අහිංසක කෙල්ලෙක්. හැබැයි එයාගේ තාත්තා තීරණය කරනවා එයාගේ රට වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න.

එයා සෙහ්මත්ව පාකිස්ථාන හමුදා නිලධාරියෙක්ට (විකී කෞශල්ට) කසාද බන්දලා දෙනවා. හැබැයි නිකන්ම නෙවෙයි, “ඔත්තුකාරියක්” විදියට. හිතන්නකෝ, මේ පුංචි කෙල්ල හතුරන්ගේ රටට ගිහින්, හමුදා නිලධාරීන් ඉන්න ගෙදරක බිරිඳක් විදියට ජීවත් වෙන ගමන්, ඒ ගෙදර තියෙන රහස් ඉන්දියාවට යවන්න ඕනේ.

මේකේ තියෙන ලොකුම අභියෝගය තමයි සෙහ්මත් කියන්නේ trained spy කෙනෙක් නෙවෙයි. එයාට වෙලාවකට බය හිතෙනවා, අත පය වෙවුලනවා. ඒත් එයා රට වෙනුවෙන් ඒ දේ කරනවා. එයාගේ මහත්තයා එයාට පණ වගේ ආදරෙයි. ඉතින් එක පැත්තකින් ආදරේ, අනිත් පැත්තෙන් තමන්ගේ රට.

එයා කොහොමද තනියම මේ ගේම ගහන්නේ? රහස් හොයනකොට අහුවුනොත් එයාට මොනවා වෙයිද? අන්තිමට එයාට පණ බේරගෙන ආපහු එන්න පුළුවන් වෙයිද? මේ ඔක්කොම දැනගන්න නම් හුස්ම අල්ලගෙන මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.