
Hunter Hunter (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Shawn Linden. ප්‍රධාන චරිත විදිහට Devon Sawa (ජෝසප්), Camille Sullivan (ඈන්) සහ Nick Stahl (ලූ) රඟපානවා.
මේකේ ප්‍රධාන චරිතය ජෝසප්, එයාගේ බිරිඳ ඈන් සහ දුව රෙනේ එක්ක ඝන කැලෑවක් මැද තනියම ජීවත් වෙන්නේ. මෙයාලා සමාජයෙන් හුඟක් ඈත්වෙලා, දඩයම් කරලා තමයි එදා වේල හොයාගන්නේ. මේක හරිම කටුක ජීවිතයක්.
ඔහොම ඉද්දි එක පාරටම මෙයාලගේ උගුල්වලට අහුවෙන සත්තුන්ව වෙන කවුරුහරි සතෙක් ඇවිත් කාලා දාන්න පටන් ගන්නවා. ජෝසප් හිතන්නේ මේක දරුණු වෘකයෙක්ගේ වැඩක් කියලා. ඉතින් පවුල බේරගන්න ඕන නිසා ජෝසප් තනියම මේ වෘකයා හොයාගෙන කැලේ ඇතුලට යනවා. හැබැයි මිනිහා කැලේ ඇතුලේ දකින්නේ වෘකයෙක්ට වඩා භයානක දෙයක්.
මේ අතරේ ජෝසප් එනකම් ගෙදර බලාගෙන ඉන්න ඈන්ටයි දුවටයි, කැලේ වැටිලා ඉන්න තුවාල වුණු අද්භූත මනුස්සයෙක්ව හම්බවෙනවා. කවුද කින්ද මන්ද කියලා නොදැන වුණත්, මෙයාලා මේ මනුස්සයාව ගෙදරට අරන් සාත්තු කරනවා.
දැන් තමයි හොඳම හරිය පටන් ගන්නේ. කැලේට ගිය ජෝසප් ආපහු එන්නේ නෑ. ගෙදරට ගෙනාපු මේ අමුතු මනුස්සයා ඇත්තටම කවුද? කැලේ හැංගිලා ඉන්න නියම දඩයක්කාරයා සතෙක්ද නැත්නම් මිනිහෙක්ද? මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
