Image Not Found

Perfect Addiction (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි

හ්ම්, ‘Perfect Addiction’ (2023මේක ඇත්තටම පලිගැනීම, ආදරය, සහ ෆයිටින් ඔක්කොම හොඳට කලවම් වුණු කේස් එකක්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Castille Landon.

කතාවේ ප්‍රධාන චරිතය තමයි සියෙනා (Sienna). එයා කියන්නේ පට්ට දක්ෂ MMA (මිශ්‍ර සටන් කලා) පුහුණුකාරිනියක්. (මේ චරිතෙ කරන්නේ Kiana Madeira). සියෙනා එයාගෙ ජීවිතේ දීලා තියෙන්නේ එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්, ඒ කියන්නේ දැනට ඉන්න චැම්පියන් ෆයිටර් වෙන ජැක්ස් (Matthew Noszka) වෙනුවෙන්. එයාව ට්‍රේන් කරන්නෙත් සියෙනාමයි.

හැබැයි, දවසක් සියෙනා දැනගන්නවා ජැක්ස් එයාට වංචා කරනවා කියලා. ඒ වෙන කා එක්කවත් නෙවෙයි, සියෙනාගෙම නංගිත් එක්ක!
ඉතින් සියෙනාට මල පනිනවා. එයා තීරණය කරනවා ජැක්ස්ගෙන් පලිගන්න, ඒත් නිකන් නෙවෙයි… රින්ග් එක ඇතුළෙදිම එයාව පරද්දලා.

මේ වැඩේට එයා තෝරගන්නවා ජැක්ස්ව පරද්දන්න පුළුවන් කියලා හිතෙන එකම එකාව. ඒ තමයි ජැක්ස්ගෙ පරණ හතුරෙක්, ටිකක් මුරණ්ඩු චරිතයක් වෙන කේඩන් (Ross Butler).

සියෙනා දැන් කේඩන්ව ට්‍රේන් කරන්න පටන් ගන්නවා. හැබැයි මේ පලිගැනීමේ ගමන ඇතුළෙ, මේ දෙන්නා අතරේ ඇතිවෙන සම්බන්ධයයි, ජැක්ස් එක්ක තියෙන වෛරයයි ඔක්කොම පැටලෙනවා. සියෙනාට එයාගෙ ප්ලෑන් එක හරියටම කරගන්න පුළුවන් වෙයිද? කේඩන්ට පුළුවන් වෙයිද චැම්පියන්ව බිම දාන්න? ඕක තමයි කතාව.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.