Image Not Found

Ichi the Killer (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ජපාන සිනමාවේ දරුණුතම සහ ආන්දෝලනාත්මක චිත්‍රපට හදන Takashi Miike තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ප්‍රධාන චරිත විදිහට Tadanobu Asano (කකිහාරා ලෙස) සහ Nao Omori (ඉචී ලෙස) රඟපානවා. මේක නිකන්ම ඇක්ෂන් ෆිල්ම් එකක් නෙවෙයි, හොඳටම හිතට වදින, ඒ වගේම ටිකක් දරුණු ගනයේ කතාවක්.

කතාව පටන් ගන්නේ යකුසා (ජපන් මාෆියා) බොස් කෙනෙක් ලොකු සල්ලි කන්දරාවක් එක්ක අතුරුදහන් වීමත් එක්කයි. එයාගේ දකුණු අත වගේ ඉන්න “කකිහාරා” කියන මැරයා මේ බොස්ව හොයන්න පටන් ගන්නවා. කකිහාරා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි; එයා අනුන්ට වද දීලා වගේම, තමන්ම වද විඳලා සතුටු වෙන අමුතුම මානසිකත්වයක් තියෙන දරුණු කෙනෙක්. බොස්ව හොයන අතරතුරේදී තමයි එයාට ආරංචි වෙන්නේ තමන්ගේ කල්ලියේ අයව ඉතාම අමානුෂික විදිහට කවුරුහරි මරලා දානවා කියලා.

අන්න එතනදි තමයි “ඉචී” කරලියට එන්නේ. ඉචී කියන්නේ බලනකොට හරිම බයගුලු, නිතරම අඬන අහිංසක කොල්ලෙක් වගේ. හැබැයි යම් කෙනෙක්ගේ මෙහෙයවීමක් මත එයාට කේන්ති ගියාම, එයා පාලනය කරන්න බැරි මිනීමරුවෙක් බවට පත් වෙනවා. ඉචීගේ මේ දරුණු මිනීමැරුම් දකින කකිහාරා බය වෙන්නේ නෑ. එයාට ඕන වෙනවා කොහොමහරි මේ ඉචීව මුණගැහෙන්න. මොකද කකිහාරා විශ්වාස කරනවා තමන්ට දරාගන්න බැරි තරම් වේදනාවක් දීලා තමන්ව සතුටු කරන්න පුළුවන් එකම කෙනා ඉචී කියලා.

අන්තිමට මේ වද විඳින්න ආස දරුණු මැරයයි, මානසිකව වැටුණු මිනීමරුවයි මුණගැහුනම මොකද වෙන්නේ? මේක ලේ දකින්න අමාරු අයට බලන්න බැරි තරම් සැර ෆිල්ම් එකක් වුනාට, වෙනස්ම කුතුහලයක් තියෙන කතාවක්.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.