Image Not Found

Open Water (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි

චිත්‍රපටයේ පසුබිම: මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ක්‍රිස් කෙන්ටිස් (Chris Kentis) විසින්. ප්‍රධාන චරිත වන සූසන් සහ ඩැනියෙල් විදිහට රඟපාන්නේ බ්ලැන්චාර්ඩ් රයන් (Blanchard Ryan) සහ ඩැනියෙල් ට්‍රැවිස් (Daniel Travis). මේකේ විශේෂත්වය තමයි, මේක ඇත්තටම සිද්ධ වුනු භයානක සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරපු ෆිල්ම් එකක් වීම.

කතාව මෙන්න මේකයි: ඩැනියෙල් සහ සූසන් කියන්නේ හරිම කාර්යබහුල ජීවිත ගත කරන යුවළක්. ඉතින් මේ දෙන්නා තීරණය කරනවා නිවාඩුවක් ගන්න පොඩි ට්‍රිප් එකක් යන්න. මේ අය තෝරාගන්නේ ලස්සන මුහුදු වෙරළක් තියෙන පැත්තක්. නිවාඩුවේ හොඳම කොටස විදිහට මේ දෙන්නා “Scuba Diving” එහෙම නැත්නම් මුහුද යට කිමිදෙන්න යන්න ලෑස්ති වෙනවා.

ඉතින් මේ දෙන්නා තවත් කණ්ඩායමක් එක්ක බෝට්ටුවක නැගලා මුහුද මැදට යනවා. වතුර යට ලස්සන බල බලා ඉඳලා, නියමිත වෙලාවට මේ දෙන්නා ආයෙත් වතුර මතුපිටට එනවා. හැබැයි එතකොට තමයි මේ දෙන්නාගේ ඇඟ හිරිවැටෙන දේ දකින්නේ. මෙයාලව එක්කන් ආපු බෝට්ටුව පේන මානයකවත් නෑ!

බෝට්ටුවේ හිටපු අයට වැරදිලා, පුද්ගලයින් ගණන් කරනකොට මේ දෙන්නව මග ඇරිලා බෝට්ටුව ආපහු ගිහිල්ලා. දැන් මේ දෙන්නා මහ මුහුද මැද තනියම. වටේම වතුර විතරයි. ගොඩබිමක් පේන්නවත් නෑ.

ටිකෙන් ටික වෙලාව ගත වෙනවා. වතුරේ සීතල වැඩි වෙනවා, ඇඟේ පතේ හයිය අඩුවෙනවා. හැම පැත්තෙන්ම එන පොඩි පොඩි මාලුන්ගේ සද්දෙටත් මේ දෙන්නා ගැස්සෙනවා. ඔන්න ඔහොම ඉද්දි තමයි වතුර යටින් අමුතු සෙවනැලි වගයක් පේන්න පටන් ගන්නේ. ඔව්, ඒ මෝරු!
හිතාගන්න පුළුවන්ද ජීවිතේ බේරගන්න කිසිම ආධාරකයක් නැතුව, මෝරු පිරුණු මුහුදක පාවි පාවී ඉන්න වෙන එක කොච්චර බය හිතෙන වැඩක්ද කියලා? මේ දෙන්නට ආපහු ගොඩබිමට යන්න ලැබෙයිද? නැත්නම් මුහුදටම බිලි වෙයිද? ඒ ටික දැනගන්න නම් මේක බලන්නම වෙනවා.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.