Image Not Found

Walking with Dinosaurs 3D (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Barry Cook සහ Neil Nightingale කියන දෙපළ විසින්. චරිතවලට පණ දෙන අය ගැන බැලුවොත්, අපේ ප්‍රධාන වීරයා වන ‘පැචී’ට හඬ කවන්නේ Justin Long. ඒ වගේම කතාව විස්තර කරන කුරුල්ලාට (ඇලෙක්ස්ට) හඬ දෙන්නේ John Leguizamo විසින්.

මේක පටන් ගන්නේ වර්තමානයෙන් වුණාට, ඇත්තටම කතාව යන්නේ අවුරුදු මිලියන 70කට විතර අතීතයට. ඒ කියන්නේ ඩයිනෝසර්ලා මේ ලෝකේ රජ කරපු කාලෙට.

අපේ කතාවේ වීරයා තමයි ‘පැචී’ (Patchi). එයා පැකිරයිනෝසෝරස් (Pachyrhinosaurus) වර්ගයේ ඩයිනෝසර් කෙනෙක්. හැබැයි එයා තමයි පවුලේ බාලයා වගේම ඇඟෙන් පොඩිම එක්කෙනා. එයාට ඉන්නවා ‘ස්කව්ලර්’ කියලා අයියා කෙනෙක්. එයා හරිම සැරයි, නිතරම මේ පොඩි පැචීව පහත් කරලා තමයි සලකන්නේ.

මේ කතාව ගලාගෙන යන්නේ මේ ඩයිනෝසර් රංචුව කෑම හොයාගෙන දකුණු දෙසට කරන ලොකු සංක්‍රමණයක් එක්කයි. මේ ගමන ලේසි නෑ. ලැව් ගිනි, දරුණු කුණාටු වගේම එයාලව ගොදුරු කරගන්න බලාගෙන ඉන්න භයානක මාංශ භක්ෂක ඩයිනෝසර්ලා (Gorgosaurus) පස්සෙන් එලවනවා.

මේ අමාරු ගමන අස්සේ පැචීට ජුනිපර් (Juniper) කියලා තවත් යාළුවෙක් මුණගැහෙනවා. ඉතින් මේ පුංචි, දුර්වලයි කියලා හිතන පැචී කොහොමද මේ මහා භයානක ලෝකේ බේරිලා ජීවත් වෙන්නේ? එයාට පුළුවන් වෙයිද කවදාහරි තමන්ගේ රංචුව බේරගන්න වීරයෙක් වෙන්න? අන්න ඒ කුතුහලය තියාගෙන බලන්න පුළුවන් ලස්සන ෆැමිලි මූවි එකක් තමයි මේක.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.