Image Not Found

Sakra (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක සුපිරිම ඇක්ෂන් ෆිල්ම් එකක්. මුලින්ම කාස්ට් එක ගැන කිව්වොත්, ලෝක ප්‍රසිද්ධ සටන් නළු Donnie Yen (ඩොනී යෙන්) තමයි මේකේ ප්‍රධාන චරිතය කරන්නේ. විශේෂම දේ කියන්නේ මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරල තියෙන්නෙත් එයාමයි. ඊට අමතරව Chen Yuqi සහ Cya Liu වගේ නළු නිළියනුත් මේකට රඟපෑමෙන් එකතු වෙනවා.

කතාව යන්නේ Qiao Feng (ඩොනී යෙන්) වටා. මිනිහා කියන්නේ ලොකු යාචක කල්ලියක නායකයෙක් වගේම, කිසිම කෙනෙක්ට පරද්දන්න බැරි මාරම සටන් හැකියාවක් තියෙන වීරයෙක්. හැමෝම එයාට ගරු කර කර ඉන්නකොට, එකපාරටම ලොකු කේස් එකක් යනවා. ඒ තමයි එයාගේ කල්ලියේ හිටපු නායකයව කවුරුහරි මරලා දානවා, ඒත් ඒ මිනීමැරුම් චෝදනාව එල්ල වෙන්නේ අපේ වීරයාගේ (Qiao Feng) පිටට!

ඒ මදිවට මෙච්චර කල් එයා හිතන් හිටපු ජාතියේ කෙනෙක් නෙවෙයි, එයා අයිති වෙන්නේ හතුරු ජාතියකට කියලා ලොකු රාවයක් පැතිරෙනවා. මේ නිසා එයාට තමන්ගේම කල්ලියෙන් එළියට බහින්න සිද්ධ වෙනවා. තමන්ගේ නිර්දෝෂීකම ඔප්පු කරන්නයි, තමන් ඇත්තටම කවුද කියලා හොයාගන්නයි මිනිහා තනියම ගමනක් පටන් ගන්නවා.

මේ ගමනෙදි මුළු ලෝකයක්ම එයාට විරුද්ධව එනවා. හැබැයි මේ අස්සේ එයාට උදව්වට කෙල්ලෙක් සෙට් වෙනවා. අන්තිමට Qiao Feng ට තමන්ගේ නම සුද්ද කරගන්න පුළුවන් වෙයිද? ඇත්තටම අර මිනීමරුවා කවුද? මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා. මාෂල් ආට්ස් (Martial Arts) පිස්සෙක් නම් මිස් කරගන්න එපා!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.