Image Not Found

VR Fighter (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි

නළු නිළියන් සහ අධ්‍යක්ෂණය ගැන පොඩ්ඩක්: මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tang Qiaochu විසින්. ප්‍රධාන චරිතෙට ඉන්නේ අපි ගොඩක් අය දන්න සුපිරි ඇක්ෂන් නළුවෙක් වන Louis Fan (Fan Siu-Wong). Ip Man චිත්‍රපටවල එහෙම මෙයාගේ ෆයිට් දැකලා ඇතිනේ. ඉතින් ඇක්ෂන් පැත්තෙන් නම් මිනිහා ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕන නෑ.

කතාව කෙටියෙන්: කතාව පටන් ගන්නේ ලන්ග් වේ (Lung Wei) කියන චරිතයෙන්. මෙයා කලින් හිටපු හරිම දක්ෂ බොඩිගාඩ් කෙනෙක්. හැබැයි මෙයාගේ දුවට ලොකු අසනීපයක් හැදෙනවා. දුවව බේරගන්න නම් එයාට ලොකු මුදලක් හදිස්සියේම හොයාගන්න වෙනවා.

අන්න ඒ වෙලාවේ තමයි එයාට අමුතු ජොබ් එකක් සෙට් වෙන්නේ. ඒ තමයි අලුත් Virtual Reality (VR) ගේම් එකක් ටෙස්ට් කරන එක. සල්ලි හින්දා මනුස්සයා මේකට කැමති වෙනවා. හැබැයි මේ ගේම් එක ඇතුළට ගියාම තමයි වැඩේ පත්තු වෙන්නේ. මේක නිකන්ම ගේම් එකක් නෙවෙයි.

එයාට මේක ඇතුලේ මාර දේවල්වලට මූණ දෙන්න වෙනවා. එයාට සැක හිතෙනවා මේ සිද්ධවෙන දේවල් ඇත්තටම ගේම් එකක්ද, නැත්නම් ඇත්ත ලෝකෙම වෙන කුමන්ත්‍රණයක්ද කියලා. මේ VR ලෝකය අස්සේ හිරවෙලා ඉන්න එයාට, එළියට ඇවිත් තමන්ගේ දුවව බේරගන්න පුළුවන් වෙයිද? අන්තිම වෙනකම්ම කුතුහලයෙන් බලන්න පුළුවන් පට්ට ඇක්ෂන් ෆිල්ම් එකක්.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.