
Reality (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි
කතාවේ ඉන්නේ සියෙනා (Sienna) කියලා පට්ට දක්ෂ බොක්සින් ට්‍රේනර් කෙනෙක්. එයා ට්‍රේන් කරන්නේ වෙන කාවවත් නෙවෙයි, එයාගෙම බෝයිෆ්‍රෙන්ඩ්, ජැක්ස්ව (Jax). මිනිහා තමයි වර්තමාන MMA (බොක්සින්) චැම්පියන්. හැමදේම සුපිරියට යනවා වගේ පෙනුනට, සියෙනා දවසක් නිකම්ම අල්ලගන්නවා ජැක්ස්ව… වෙන කාත් එක්කවත් නෙවෙයි, සියෙනාගෙම නංගිත් එක්ක!
ඉතින් හිතාගන්න පුළුවන්නේ. සියෙනාට ඕන වෙන්නේ මාර විදිහට පලිගන්න.
එයා දන්නවා ජැක්ස්ව පරද්දන්න පුළුවන් එකම එකෙක් විතරයි ඉන්නේ කියලා. ඒ තමයි කේඩන් (Kayden). කේඩන් කියන්නේ ජැක්ස්ගෙ පරණ හතුරෙක්, ටිකක් මුරණ්ඩු, හැංගිච්ච චරිතයක්. ඉතින් සියෙනා පටන් ගන්නවා කේඩන්ව හොයාගෙන ගිහින් ට්‍රේන් කරන්න, ලොකු මැච් එකකට, ජැක්ස්ව වට්ටන්නම.
හැබැයි ඉතින්, මේ පලිගැනීමේ ට්‍රේනින් මැද, සියෙනාටයි කේඩන්ටයි ටික ටික සෙට් වෙන්න ගන්නවා. එතනින් පස්සේ වෙන දේවල්, ඒ කියන්නේ අන්තිම මැච් එකෙන් මොකද වෙන්නේ, පලිය ගන්නවද, ආදරේ මොකද වෙන්නේ කියන ටික නම් බලන්නම ඕනේ.
ෆිල්ම් එකේ ප්‍රධාන චරිත කරන්නේ Kiana Madeira (සියෙනා), Ross Butler (කේඩන්) සහ Matthew Noszka (ජැක්ස්). අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Castille Landon විසින්.
