Image Not Found

The Last Thing He Wanted (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි

හිතන්නකො, ඔයා නම ගියපු, කිසි දේකට බය නැති ජර්නලිස්ට් කෙනෙක්. ඔයා ඉන්නෙ 1984 ඇමරිකානු ඉලෙක්ෂන් එකක ලොකු දේශපාලන කේස් එකක් පස්සෙ පන්න පන්න.

‘The Last Thing He Wanted’ එකේ කතාව යන්නෙ එලේනා (ඇන් හැත්වේ) වටා. එයා හරියටම ඔය වගේ ජර්නලිස්ට් කෙනෙක්. හැබැයි එයාට මේ වැඩේ පැත්තකින් තියන්න වෙනවා, එයාගෙ තාත්තා (විලෙම් ඩෆෝ) අසනීප වෙන නිසා.

තාත්තයි දුවයි අතර ලොකු සම්බන්ධයක් තිබිලා නෑ. ඒත් තාත්තා දුවගෙන් “අන්තිම උදව්වක්” ඉල්ලනවා. ඒක තමයි එයාගෙ “බිස්නස්” එකක පොඩි ඩිලිවරි වැඩක් කරලා දෙන එක. එලේනා තාත්තා වෙනුවෙන් මේ වැඩේ බාරගෙන දකුණු ඇමරිකාවට යනවා.
ප්‍රශ්නෙ පටන් ගන්නෙ එතනින්.

එතනට ගියාම තමයි එලේනාට තේරෙන්නෙ එයා මේ අත දාලා තියෙන්නෙ නිකන් බිස්නස් එකකට නෙවෙයි, මාරාන්තික අවි ගනුදෙනුවකට කියලා. එයා දන්නෙත් නැතුවම එයා මේකෙ හිරවෙනවා. ආණ්ඩුවෙ ලොකු නිලධාරියෙක් (බෙන් ඇෆ්ලෙක්) එයා පස්සෙ පන්නන්න ගන්නවා.

එලේනා මේකට අහු වුනේ කොහොමද? එයාට මේකෙන් ගැලවිලා, ඇත්ත කතාව ලෝකෙට කියන්න පුළුවන් වෙයිද? කතාව යන්නෙ එයා මේ පටලැවිල්ලෙන් ගැලවෙන්න දරන උත්සාහය ගැනයි.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.