Image Not Found

Zone 414 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ඒ… හලෝ! මේ “Reality (2023 මේක නියම සස්පෙන්ස් එකක් තියෙන ටිකක් වෙනස්ම ආකාරයේ චිත්‍රපටයක්.

මේක ඇත්තටම වුණ සිදුවීමක් ඇසුරෙන් හදපු ෆිල්ම් එකක්. කතාවේ ප්‍රධාන චරිතය තමයි රියැලිටි වින්නර් (Reality Winner). එයා ඇමරිකානු ගුවන් හමුදාවේ හිටපු, ඊටපස්සේ රහස්‍ය තොරතුරු පරිවර්තනය කරන තැනක වැඩ කරපු තරුණියක්.

දවසක් එයා ගෙදර ඉන්න වෙලාවක හිටිහැටියේම FBI ඒජන්තවරු දෙන්නෙක් එනවා. මුලදී එයාලා කියන්නේ එයාගේ ගෙදර පොඩි සෝදිසියක් කරන්න ඕන කියලා. ඒත් ටිකෙන් ටික ඒක රියැලිටිගෙන් ප්‍රශ්න කිරීමකට හැරෙනවා.

මෙතන තියෙන විශේෂත්වය තමයි, මුළු චිත්‍රපටයම වගේ හදලා තියෙන්නේ ඇත්තටම සිද්ධ වුණ FBI ප්‍රශ්න කිරීමේ පටිගත කිරීමේ පිටපත (transcript) පදනම් කරගෙනයි. ඒ කියන්නේ, රියැලිටි සහ ඒජන්තවරු අතර වුණ හැම දෙබසක්ම වචනයෙන් වචනය මේ ෆිල්ම් එකේ තියෙනවා.

මූලිකවම එයාලා හොයන්නේ රහසිගත ඔත්තු වාර්තාවක් එළියට ගියේ කොහොමද කියන එකයි. රියැලිටි ඒක කළාද? ඇයි කළේ? එයා උත්තර දෙන්නේ කොහොමද? කියන එක වටේ තමයි කතාව ගෙතිලා තියෙන්නේ.

අර මුලින් තිබ්බ සාමාන්‍ය ගතිය ටිකෙන් ටික නැති වෙලා, එයාගේ ගෙදර සාලය ඇතුළේ ඇතිවෙන තීව්‍ර මානසික ගැටුමක් දක්වා මේක දිව යනවා. එයා අහිංසකද? එයාට වුණේ මොකක්ද? කියලා දැනගන්න නම් ඔයාට මේක බලන්නම වෙනවා! මේකේ තියෙන කුතුහලය ඔයාව අද්දරටම ඇදලා ගනියි.

රියැලිටි වින්නර් විදිහට රඟපාන්නේ සිඩ්නි ස්වීනි (Sydney Sweeney). එයාගේ රංගනය නම් සුපිරි!
අනෙක් ප්‍රධාන චරිත, FBI ඒජන්තවරු දෙන්නා විදිහට ඉන්නේ ජොෂ් හැමිල්ටන් (Josh Hamilton) සහ මාර්චන්ට් ඩේවිස් (Marchánt Davis).
අධ්‍යක්ෂකවරිය තමයි ටීනා සැටර් (Tina Satter). එයා මේක ඇත්තටම වේදිකා නාට්‍යයක් විදිහටත් කලින් කළා.
බලලා කොහොමද කියලා කියන්න! බලන්න ගත්තොත් නම් අතරමග නවත්තන්න බැරි වේවි.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.