
The Last Airbender (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඔන්න යාලුවනේ, අද අපි කතා කරන්නේ වෙනස්ම විදියේ ලෝකයක් ගැන. හිතන්නකෝ, ලෝකේ ප්‍රධාන බලවේග හතරක් තියෙනවා – ඒ තමයි Air (වාතය), Water (ජලය), Earth (පෘථිවිය) සහ Fire (ගින්දර). මේ ජාතීන් හතරම සමබරව තියාගන්න පුළුවන් එකම කෙනා තමයි “Avatar” (ඇවටාර්) කියන්නේ. ඉතින් ප්‍රශ්නේ පටන් ගන්නේ Fire Nation එක, ඒ කියන්නේ ගිනි ජාතිය අනිත් අයව යටත් කරගන්න යුද්ධ පටන් ගත්තම. මේ වෙලාවේ තමයි ලෝකෙට ඇවටාර්ව ඕනම කරන්නේ. හැබැයි පුදුමේ කියන්නේ එයා එකපාරටම අතුරුදහන් වෙනවා.
කතාව පටන් ගන්නේ අවුරුදු 100කට විතර පස්සේ. Katara සහ Sokka කියන සහෝදරයෝ දෙන්නට අයිස් පරයක් ඇතුලේ හිරවෙලා ඉන්න අමුතු ළමයෙක් හම්බවෙනවා. එයාගේ නම Aang. බලන් ගියාම මේ පොඩි ළමයා තමයි අන්තිම එයාර්බෙන්ඩර් (Last Airbender) වගේම නැති වුණ ඇවටාර්!
දැන් ඉතින් Aangට ලොකු වගකීමක් තියෙනවා. එයාට තාම මූලද්‍රව්‍ය හතරම පාලනය කරන්න බෑ. අනිත් පැත්තෙන් Zuko කියන කුමාරයා මෙයාව පස්සෙන් පන්නනවා. Fire Lord මුළු ලෝකෙම අල්ලගන්න කලින්, මේ පොඩි Aangට පුළුවන් වෙයිද බලය ලබාගෙන ලෝකේ බේරගන්න? ඒක දැනගන්න නම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. මැජික්, සටන් සහ ලස්සන දර්ශන පිරුණු මේ ෆිල්ම් එක පවුලේ හැමෝටම බලන්න පුළුවන් නියම කතාවක්.
චිත්‍රපටයේ නිර්මාණකරුවන් සහ නළු නිළියන්
මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ සුපිරි චිත්‍රපට නිර්මාණකරුවෙකු වන M. Night Shyamalan විසිනි. මෙහි චරිතවලට පණ පොවන ප්‍රධාන නළු නිළියන් පහත දැක්වේ:
Aang ලෙස: Noah Ringer
Prince Zuko ලෙස: Dev Patel
Katara ලෙස: Nicola Peltz
Sokka ලෙස: Jackson Rathbone
