
The Minute You Wake up Dead (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි | රක්ෂණ වංචාවක් මැද සිදුවන අද්භූත මිනීමැරුම් දාමය
අධ්යක්ෂණය: Michael Mailer නළු නිළියන්: Cole Hauser, Morgan Freeman, Jaimie Alexander
Mystery සහ Thriller චිත්රපට වලට ආස අයට ඔන්න මරු ෆිල්ම් එකක්. නම දැක්කම හිතෙන්නේ හොරර් ෆිල්ම් එකක් කියලා වුනාට මේක ඊට වඩා හාත්පසින්ම වෙනස්, මොළය පාවිච්චි කරලා ගහන ගේම් එකක් තියෙන කතාවක්. කතාව පටන් ගන්නේ රස් (Russ) කියන කොටස් වෙළඳපොලේ වැඩ කරන පුද්ගලයෙක් වටා. එයා පොඩි ටවුන් එකකට එනවා තමන්ගේ බිස්නස් වැඩක් කරගන්න. හැබැයි එයාට එහේදී ඩෙලේන් (Delaine) කියන වේට්රස්වරිය එක්ක සම්බන්ධයක් ඇති වෙනවා. එතනින් එහාට තමයි ප්රශ්න පටන් ගන්නේ.
මේ දෙන්නා එකතු වෙලා ලොකු රක්ෂණ වංචාවක් කරන්න ප්ලෑන් කරනවා. සල්ලි වලට තියෙන කෑදරකම නිසා මිනිස්සු මොන තරම් පහත් වැඩ වලට පෙළඹෙනවද කියලා මේකෙන් බලාගන්න පුළුවන්. හැබැයි මෙයාලා හිතන විදියට නෙවෙයි වැඩේ වෙන්නේ. එකපාරටම මේ සිද්ධියට සම්බන්ධ අය මැරෙන්න පටන් ගන්නවා. කවුද මේ මිනීමැරුම් කරන්නේ? ඇයි එහෙම කරන්නේ? කියන එක ලොකු ප්රහේලිකාවක් වෙනවා. මේ නගරයේ ෂෙරිෆ් විදියට ඉන්නේ අපි කවුරුත් ආදරේ කරන මෝගන් ෆ්රීමන් (Morgan Freeman). එයා මේ අභිරහස විසඳන්න පටන් ගන්නවා.
චිත්රපටය පුරාවටම තියෙන්නේ එකිනෙකා රැවටීම සහ පාවා දීම. රස් හිතන් ඉන්නේ එයා තමයි ලොකුම මොළකාරයා කියලා, ඒත් එයා නොදන්නවා වුනාට එයා ඉත්තෙක් විතරද? ඩෙලේන්ගේ යටි අරමුණ මොකක්ද? අන්තිමට මේ සල්ලි ටික කාටද ලැබෙන්නේ? ෆිල්ම් එක බලන අපිටත් හිතාගන්න බැරි විදියට කතාව වෙනස් වෙනවා. Plot twists එහෙම ගොඩක් තියෙන නිසා කම්මැලි නැතුව බලන්න පුළුවන්. පොඩි ටවුන් එකක වුනාට කොච්චර ලොකු රහස් තියෙන්න පුලුවන්ද කියලා මේක බැලුවම තේරෙයි. කුතුහලය පිරුණු අවසානයක් තියෙන නිසා අනිවාර්යයෙන්ම බලන්න වටින ෆිල්ම් එකක්.
