Image Not Found

The Sentinel (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි | ජනාධිපති ආරක්ෂක අංශය තුළ සැඟවුණු මිනීමරුවා කවුද?

අධ්‍යක්ෂණය: Clark Johnson ප්‍රධාන නළු නිළියන්: Michael Douglas, Kiefer Sutherland, Eva Longoria, Kim Basinger
අපි හැමෝම දන්නවා ඇමරිකාවේ ජනාධිපතිවරයා කියන්නේ ලෝකයේ වැඩිම ආරක්ෂාවක් තියෙන පුද්ගලයා කියලා. එතුමාව ආරක්ෂා කරන්න “Secret Service” එක එහෙම නැත්නම් රහස් ඔත්තු සේවය දිවා රෑ නොබලා වැඩ කරනවා. ඉතින් මේ “The Sentinel” ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමයි පීට් ගැරිසන් (Pete Garrison). මෙයා නිකම්ම නිකන් ඒජන්ට් කෙනෙක් නෙවෙයි, වසර ගණනාවක් තිස්සේ ජනාධිපති ආර්යාවගේ ආරක්ෂාව භාරව හිටපු, කාගෙත් ගෞරවය දිනාගත්ත ඉතාම දක්ෂ නිලධාරියෙක්.

හැබැයි දවසක් මේ හැම දෙයක්ම උඩු යටිකුරු වෙනවා. රහස් ඔත්තු සේවයේම තවත් ඒජන්ට් කෙනෙක් අභිරහස් විදියට ඝාතනය වෙනවා. මේ ගැන පරීක්ෂණ පවත්වනකොට හෙළිවෙන්නේ හරිම භයානක ආරංචියක්. ඒ තමයි ජනාධිපතිවරයාව ඝාතනය කරන්න ආරක්ෂක අංශය ඇතුළෙන්ම සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා කියන එක. ඊටත් වඩා භයානක දේ තමයි, මේ කුමන්ත්‍රණයේ මහ මොළකරු විදියට සැක කරන්නේ අර අපි මුලින් කතා කරපු පීට් ගැරිසන්ව වීම.

හිතන්නකෝ, තමන් පණ වගේ රැකපු ආයතනයම තමන්ව ද්‍රෝහියෙක් විදියට දකිනකොට එන හැඟීම කොහොමද කියලා? දැන් පීට් ගැරිසන්ට ලොකු අභියෝග දෙකක් තියෙනවා. එකක් තමයි තමන් නිර්දෝෂීයි කියලා ඔප්පු කරන එක. අනිත් එක තමයි, ඇත්තටම ජනාධිපතිවරයාව මරන්න හදන නියම මිනීමරුවා කවුද කියලා හොයාගෙන ජනාධිපතිතුමාව බේරගන්න එක. විශේෂම දේ තමයි, පීට්ව අල්ලන්න පස්සෙන් එලවන්නේ එයාගෙම ගෝලයෙක් වුණු ඩේවිඩ් (Kiefer Sutherland). තමන්ගේම ගුරුවරයාව දඩයම් කරන්න එන ගෝලයෙක් සහ තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න පණ බේරගෙන දුවන වීරයෙක් අතර සිද්ධ වෙන මේ “Cat and Mouse” සෙල්ලම කොහොම ඉවර වෙයිද? ඇත්තටම “Secret Service” එක ඇතුලේ ඉන්න ද්‍රෝහියා කවුද? මේක ත්‍රාසය, කුතුහලය පිරුණු නියම Action Thriller ෆිල්ම් එකක්. පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඇස් පිල්ලමක්වත් ගහන්න හිතෙන්නේ නැති තරම් ෂෝක් එකක් මේ ෆිල්ම් එකේ තියෙනවා.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.