Image Not Found

Wolf Hound (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි | සතුරන්ගේ අහසේ තනිවූ වීරෝදාර මෙහෙයුම!

අධ්‍යක්ෂණය: Michael B. Chait
නළු නිළියන්: James Maslow, Trevor Donovan, John Turk

Action සහ යුද්ධ චිත්‍රපට (War Movies) වලට පිස්සුවෙන් වගේ ආස අයට ගෙනාපු සුපිරිම භාණ්ඩයක් තමයි “Wolf Hound”. මේක දෙවෙනි ලෝක යුද්ධ කාලේ සිද්ධ වුණු කතාවක්. හැබැයි මේක නිකන්ම වෙඩි තියාගන්න කතාවක් නෙවෙයි, ගුවන් යානා සටන් සහ ත්‍රාසජනක මෙහෙයුමක් වටා ගෙතුණු පට්ටම කතාවක්.

කතාව යන්නේ 1944 දී. මේකේ වීරයා තමයි කපිතාන් ඩේවිඩ් හෝල්ඩන්. එයාගේ රාජකාරිය වෙන්නේ සතුරන්ගේ බල ප්‍රදේශයට ඉහලින් යන B-17 බොම්බර් යානයකට ආරක්ෂාව දෙන එකයි. හැබැයි හිතාගන්න බැරි විදිහට ජර්මානු හමුදාවේ ප්‍රහාරයකින් හෝල්ඩන්ගේ යානය විනාශ වෙලා, එයා සතුරන්ගේ භූමියට කඩාගෙන වැටෙනවා. එතනින් එහාට තමයි නියම සටන පටන් ගන්නේ. එයා තනියම, වටේම ඉන්නේ නාසි සෙබළු. ඒ විතරක් නෙවෙයි, එයා දැනගන්නවා ජර්මානුවන් ළඟ රහසිගත ආයුධයක් තියෙනවා කියලා. ඒකෙන් මුළු ලන්ඩන් නගරයම විනාශ කරන්න පුළුවන්.

දැන් හෝල්ඩන්ට තියෙන්නේ ලොකු අභියෝගයක්. තමන්ගේ ජීවිතේ බේරගන්න ගමන්, අර රහසිගත ආයුධය විනාශ කරන්නත් ඕන, ඒ වගේම සතුරන් අතේ හිරවෙලා ඉන්න තමන්ගේ යාළුවන්ව බේරගන්නත් ඕන. මේ සේරම තනියම කරන්න පුළුවන් වෙයිද? මේ ෆිල්ම් එකේ තියෙන ගුවන් යානා සටන් (Dogfights) ඇත්තටම බලන් ඉන්න ආස හිතෙන විදිහට හදලා තියෙනවා. විශේෂයෙන්ම පරණ “Mustang” යානා සහ ජර්මානු යානා අතර යන සටන් ඇඟ හිරිවැටෙනවා. කිසිම කම්ැලිකමක් නැතුව මුල ඉඳන් අග වෙනකම්ම එක හුස්මට බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි මේක. යුද්ධය අස්සේ දිවෙන ආදර කතාවක් සහ සහෝදරත්වය ගැනත් මේකේ ලස්සනට පෙන්නනවා. Action පැත්තට බර ෆිල්ම් හොයන ඔයාට මේක මඟහරින්නම බැරි චිත්‍රපටයක්.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.