Image Not Found

Space Cowboys (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි | අභ්‍යවකාශයට යන ‘සීයලාගේ’ මෙහෙයුම!

මෙන්න අභ්‍යවකාශය, ක්‍රියාදාම සහ පොඩි හාස්‍යයකුත් එකතු වුණු සුපිරි කතාවක්. Space Cowboys කියන්නේ හොලිවුඩයේ දැවැන්තම නළුවන් එකට එකතු වුණු චිත්‍රපටයක්. කතාව පටන් ගන්නේ රුසියානු සන්නිවේදන චන්ද්‍රිකාවක ඇතිවන හදිසි දෝෂයකින්. මේ චන්ද්‍රිකාව පාලනයෙන් ගිලිහිලා කඩා වැටෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. නාසා (NASA) එකට මේක ලොකු හිසරදයක් වෙනවා. මොකද මේ චන්ද්‍රිකාවේ තියෙන තාක්ෂණය හරිම පරණයි. අන්න එතනදි තමයි නාසා එකට මතක් වෙන්නේ මේ සිස්ටම් එක ඩිසයින් කරපු පරණ ඉංජිනේරුවා ෆ්‍රෑන්ක් කෝවින්ව.

ඉතින් නාසා එක ෆ්‍රෑන්ක්ගෙන් උදව් ඉල්ලනවා. හැබැයි ෆ්‍රෑන්ක් ලේසියෙන් කැමති වෙන්නේ නෑ. එයා කොන්දේසියක් දානවා. “මට මේක හදන්න ඕන නම්, මාවයි මගේ පරණ කණ්ඩායමයි අභ්‍යවකාශයට යවන්න ඕන” කියලා. දැන් මේ කණ්ඩායමේ ඉන්නේ ඔක්කොම වයසක උදවිය. ඉතින් මේ “සීයලා ටික” ආයෙමත් අභ්‍යවකාශ පුහුණුවීම්වලට එනකොට සිද්ධ වෙන දේවල් හරිම විනෝදජනකයි. තරුණ කොල්ලෝ එක්ක හැප්පිලා මේ අය ෆිට් එකේ ඉන්න හැටි බලාගන්න පුළුවන්.

කොහොම හරි මේ කණ්ඩායම අභ්‍යවකාශයට යනවා. හැබැයි එතනදි තමයි නියම ප්‍රශ්නේ පටන් ගන්නේ. මේ චන්ද්‍රිකාව නිකම්ම සන්නිවේදන චන්ද්‍රිකාවක් නෙවෙයි කියලා ඔවුන්ට තේරෙනවා. එතන හංගපු රහසක් තියෙනවා. මුළු ලෝකෙටම අනතුරක් වෙන්න පුළුවන් දෙයක් එතන තියෙන්නේ. ඉතින් ෆ්‍රෑන්ක්ට සහ එයාගේ යාළුවන්ට සිද්ධ වෙනවා තමන්ගේ ජීවිත පරදුවට තියලා ලොකු තීරණයක් ගන්න. ඇත්තටම අභ්‍යවකාශයේදි මොකද වෙන්නේ? මේ වයසක වීරයෝ ටිකට පුළුවන් වෙයිද පෘථිවිය බේරගන්න? අන්තිම මොහොත වෙනකම්ම කුතුහලය තියාගන්න පුළුවන් නියම චිත්‍රපටයක්.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.