
Broken City (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි | බලය, පළිගැනීම සහ දේශපාලන කුමන්ත්‍රණ මැද හිරවුණු රහස් පරීක්ෂකයා!
Director: Allen Hughes
Cast: Mark Wahlberg, Russell Crowe, Catherine Zeta-Jones
අපි කවුරුත් කැමතිනේ හොඳ Crime Thriller එකක් බලන්න. Broken City කියන්නේ ඔයාගේ හිතේ ලොකු කුතුහලයක් ඉතිරි කරන, බලය වෙනුවෙන් මිනිස්සු ඕනෑම දෙයක් කරන හැටි පෙන්නන සුපිරි චිත්‍රපටයක්. කතාව පටන් ගන්නේ Billy Taggart කියන හිටපු පොලිස් නිලධාරියා වටා. එයාට පොලිස් රස්සාව නැති වෙන්නේ යම් සිද්ධියක් නිසා. ඉතින් එයා පුද්ගලික රහස් පරීක්ෂකයෙක් විදියට වැඩ පටන් ගන්නවා. ඔහොම ඉද්දි එයාට ලැබෙනවා ලොකු ඩීල් එකක්. ඒ කාගෙන්ද දන්නවද? නගරයේ ඉන්න බලවත්ම නගරාධිපතිවරයාගෙන්.
නගරාධිපතිවරයාට සැකයි එයාගේ බිරිඳට වෙනත් සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් මේක හොයන්න තමයි අපේ කතා නායකයාට, ඒ කියන්නේ Billy ට බාර වෙන්නේ. මුලින්ම බලද්දි මේක නිකන්ම නිකන් පවුල් ප්‍රශ්නයක් විසඳන සරල වැඩක් වගේ පෙනුණට, ඇත්තටම එතන තියෙන්නේ ඊට වඩා භයානක කතාවක්. Billy මේ ගැන හොයන්න යනකොට එයාට තේරෙනවා එයා අත තිබ්බේ නිකන් ගිනි ගොඩකට කියලා. නගරාධිපතිගේ බිරිඳගේ හොර මිනිහා මැරෙනවා. ඒත් එක්කම Billy ට තේරෙනවා මේක නිකන්ම මිනීමැරුමක් නෙවෙයි, මේ පිටිපස්සේ ලොකු දේශපාලන කුමන්ත්‍රණයක් සහ දේපල ගනුදෙනුවක් තියෙනවා කියලා.
දැන් Billy ඉන්නේ ලොකු අමාරුවක. එයා රූකඩයක් විදියට පාවිච්චි වුණාද? එයාට පුළුවන් වෙයිද මේ බලවත් මිනිස්සු එක්ක හැප්පිලා ඇත්ත එළියට ගන්න? මේ චිත්‍රපටිය බලද්දි ඔයාට හිතෙයි දේශපාලනය කියන්නේ කොච්චර කැත සෙල්ලමක්ද කියලා. අන්තිම මොහොත වෙනකම්ම හිතාගන්න බැරි ට්විස්ට් (Twists) ගොඩක් එක්ක, හුස්ම අල්ලගෙන බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි මේක. Mark Wahlberg සහ Russell Crowe ගේ රඟපෑම ගැන නම් ආයේ කියලා වැඩක් නෑ. Crime, Drama කැමති අයට මේක අනිවාර්යයෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක්.
