
Hours (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි | විනාශය මැද දියණිය වෙනුවෙන් තාත්තා කෙනෙක්ගේ සටන
අධ්යක්ෂණය: Eric Heisserer නළු නිළියන්: Paul Walker, Genesis Rodriguez
අපි ගොඩක් දෙනෙක් Paul Walker ව දන්නේ Fast and Furious හරහානේ. හැබැයි මේ චිත්රපටය Paul Walker ගේ රංගන ජීවිතේ හාත්පසින්ම වෙනස් පැතිකඩක් පෙන්නන චිත්රපටයක්. කතාව පටන් ගන්නේ 2005 වසරේ ඇමරිකාවට බලපාපු දරුණුම සුළි කුණාටුව වන “කැත්රිනා” කුණාටුවත් එක්ක. Nolan Hayes කියන්නේ තමන්ගේ පළවෙනි දරුවා ලැබෙන්න ඉන්න ආසාවෙන් බලාපොරොත්තු තියාගෙන ඉන්න තාත්තා කෙනෙක්. හැබැයි දෛවය එයාට හරිම කුරිරු විදිහට සලකනවා.
එයාගේ බිරිඳ දරුවා ලැබෙද්දීම මිය යනවා. ඉපදුණු පුංචි දුවට තනියම හුස්ම ගන්න බැරි නිසා, එයා ඉන්නේ රෝහලේ වෙන්ටිලේටර් මැෂින් එකක් ආධාරයෙන්. ඔන්න ඔය වෙලාවේ තමයි කුණාටුව රෝහලට කඩා පාත් වෙන්නේ. රෝහලේ කරන්ට් එක විසන්ධි වෙනවා. හැමෝම රෝහල දාලා යනවා. Nolan විතරක් තමන්ගේ දුවත් එක්ක තනි වෙනවා. එයාට තියෙන්නේ එකම එක අභියෝගයි. ඒ තමයි බැටරිය බැසගෙන යන ජෙනරේටරයක් අතින් කරකවමින්, තමන්ගේ දුවව ජීවත් කරවන එක.
මේ චිත්රපටය බලද්දී අපිට දැනෙන්නේ පුදුම වේදනාවක් සහ ආතතියක්. වතුර මට්ටම ටිකෙන් ටික වැඩි වෙනවා, කෑම බීම නැහැ, උදව්වට කවුරුත් නැහැ, හැබැයි තාත්තා කෙනෙක් තමන්ගේ ලේ කැටි දුව වෙනුවෙන් අත් නොහැර සටන් කරනවා. එක අතකින් බැටරිය චාජ් කරන ගමන්, අනිත් අතින් එයාට මුහුණ දෙන්න වෙන කරදර ගැන හිතද්දී පපුව හෝස් ගාලා යනවා. මේක නිකම්ම ෆිල්ම් එකක් නෙවෙයි, පිය සෙනෙහසේ උපරිමය පෙන්වන හරිම සංවේදී කතාවක්. ඇක්ෂන් නැති වුනාට, තත්පරයක් නෑර කුතුහලයෙන් බලන්න පුළුවන් විශිෂ්ට නිර්මාණයක් විදිහට Hours හඳුන්වන්න පුළුවන්.
