Image Not Found

Upside Down (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි | අහසත් පොළොවත් වගේ ලෝක දෙකක උපන් ආදර කතාවක්

ඔයාලා කවදාවත් හිතලා තියෙනවද ගුරුත්වාකර්ෂණය (Gravity) උඩු යටිකුරු වුනොත් මොනවා වෙයිද කියලා? මේ ෆිල්ම් එකේ තියෙන්නේ එහෙම ලෝකයක්. හරියටම කිව්වොත් එක ළඟ තියෙන ග්‍රහලෝක දෙකක්. එක ලෝකයක් තියෙන්නේ අනිත් ලෝකෙට උඩින්. පහළ තියෙන ලෝකේ දුප්පත්, උඩ තියෙන ලෝකේ හරිම පොහොසත්. නීතියක් තියෙනවා මේ ලෝක දෙකේ මිනිස්සුන්ට එකතු වෙන්න තහනම් කියලා. පහළ ලෝකේ ඉන්න ඇඩම් කියන කොල්ලා පොඩි කාලෙදි උඩ ලෝකේ ඉන්න ඊඩන් කියන කෙල්ලත් එක්ක ආදරෙන් බැඳෙනවා. හැබැයි මේ දෙන්නට එකතු වෙන්න මේ ගුරුත්වාකර්ෂණයයි, නීතියයි දෙකම හරස් වෙනවා.

අවුරුදු ගානකට පස්සේ ඇඩම්ට ආයෙත් ඊඩන්ව දකින්න ලැබෙනවා. එයා උත්සාහ කරන්නේ තමන්ගේ ලෝකේ ඉඳන් ගුරුත්වාකර්ෂණය පරදවලා උඩ ලෝකෙට ගිහින් ඊඩන්ව මුණගැහෙන්න. මේක ලේසි වැඩක් නෙමෙයි. මොකද පහළ ලෝකේ දේවල් උඩ ලෝකෙට ගියාම රත් වෙලා පිච්චෙන්න ගන්නවා. ඇඩම් කොහොමද මේ බාධක ඔක්කොම කඩාගෙන එයාගේ ආදරේ දිනාගන්නේ? ෆිල්ම් එකේ දර්ශන නම් හරිම ලස්සනයි. එක පැත්තකින් බලද්දී උඩින් පේන්නේ තව සාගරයක්. දෘශ්‍ය ප්‍රයෝග (Visual Effects) පැත්තෙන් ගත්තොත් මේක ඇස් අදහාගන්න බැරි තරම් ලස්සන නිර්මාණයක්. වෙනස්ම විදියේ ආදර කතාවක් බලන්න ආස අයට, විශේෂයෙන්ම විද්‍යා ප්‍රබන්ධ (Sci-Fi) සහ රොමෑන්ස් කැමති අයට මේක සුපිරිම ෆිල්ම් එකක්. ආදරේ වෙනුවෙන් මිනිස්සු මොන තරම් දේවල් කැප කරනවද කියලා මේකෙන් බලාගන්න පුළුවන්.

Cast & Director:
Director: Juan Solanas
Cast: Jim Sturgess, Kirsten Dunst, Timothy Spall

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.