Image Not Found

The Empty Man (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි | පාලම උඩ බෝතලේට පිම්බොත් එයා එනවා

අධ්‍යක්ෂණය: David Prior නළු නිළියන්: James Badge Dale, Marin Ireland, Stephen Root, Ron Canada

ඔයාලා අහලා ඇතිනේ නාගරික පුරාවෘත්ත (Urban Legends) ගැන? සමහර දේවල් තියෙනවා විහිළුවටවත් කරන්න හොඳ නැති. The Empty Man කියන්නේ අන්න ඒ වගේ නමක් ඇහුවත් බය හිතෙන චිත්‍රපටියක්. කතාව පටන් ගන්නේ පාසල් ළමයි වගයක් අතුරුදහන් වෙන සිද්ධියකින්. මේ ගැන හොයන්න එනවා හිටපු පොලිස් නිලධාරියෙක්. එයාට දැනගන්න ලැබෙනවා මේ ළමයි අතුරුදහන් වෙන්න කලින් අමුතු සෙල්ලමක් කරලා තියෙනවා කියලා. ඒ තමයි රෑට පාලමක් උඩට ගිහින් හිස් බෝතලයකට පිඹින එක. එහෙම කළාම “Empty Man” ඔයාව හොයාගෙන එනවාලු. මුලින් මේක විහිළුවක් වගේ පෙනුනට, පරීක්ෂණ කරන පොලිස් නිලධාරියාට තේරෙනවා මේක පස්සේ ලොකු ගුප්ත කල්ලියක් ඉන්නවා කියලා.

මේ චිත්‍රපටිය නිකන්ම “බූවෙක් ඇවිත් මරලා දාන” ජාතියේ එකක් නෙවෙයි. මේක මනසත් එක්ක සෙල්ලම් කරන Psychological Horror ෆිල්ම් එකක්. මිනිස්සු විශ්වාස කරන දේවල් නිසා කොයි තරම් භයානක දේවල් වෙන්න පුළුවන්ද කියලා මේකෙන් පෙන්නනවා. චිත්‍රපටිය බලන් යද්දී ඔයාටම හිතෙයි “ඇත්තටම මම මේ බලන් ඉන්නේ ඇත්තක්ද නැත්නම් මායාවක්ද?” කියලා. මුළු ෆිල්ම් එක පුරාම තියෙන්නේ අඳුරු, ගුප්ත සහ බය හිතෙන වාතාවරණයක්. අන්තිම ටික බලද්දී නම් ඔළුවත් නරක් වෙනවා. ඇත්තටම කවුද මේ Empty Man? එයා මනුස්සයෙක්ද නැත්නම් වෙන ලෝකෙකින් ආපු දෙයක්ද? මේ අභිරහස විසඳගන්න ඕනේ නම්, තනියම නැතුව යාළුවෙක් එක්කවත් මේක බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද ෆිල්ම් එක ඉවර වුණාට පස්සෙත් ඔයාට බයක් දැනෙන්න පුළුවන්.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.