
KPop Demon Hunters (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි | ස්ටේජ් එකේ සින්දු, බැක්ස්ටේජ් එකේ යක්කු
Cast (Voice): Arden Cho, Ahn Hyo-seop, Ji-young Yoo, Kim Se-jeong Directors: Maggie Kang, Chris Appelhans
මේක නම් ඇනිමේෂන් පිස්සන්ටයි, K-Pop ෆෑන්ස්ලටයි හැදිච්ච සුපිරිම මූවි එකක්. කතාව යන්නේ “Huntrix” කියලා ලෝක ප්‍රසිද්ධ K-Pop ගර්ල් ගෘප් එකක් වටා. මෙයාලා ස්ටේජ් එක උඩ නටලා සින්දු කියනවා විතරක් නෙවෙයි කරන්නේ. කාටත් හොරා මෙයාලා රෑට රෑට යක්කු එලවනවා! ඔව්, මෙයාලා භූත දඩයම්කාරියෝ (Demon Hunters). මේ ගෘප් එකේ ඉන්න රූමි, මීරා සහ සෝයි කියන තුන්දෙනාට තමයි මේ වගකීම තියෙන්නේ. හැබැයි ලොකුම ට්විස්ට් එක තමයි, මේ තුන්දෙනාගෙන් කෙනෙක්, ඒ කියන්නේ රූමි, ඇත්තටම භාගයක් යක්ෂණියක්. එයා ඒක කාටවත් කියන්නේ නෑ.
මේ අතරේ ලෝකෙට ලොකු තර්ජනයක් එනවා. ඒ තමයි අලුතින් එන ජනප්‍රිය K-Pop බෝයි බෑන්ඩ් එකක්. මේකේ නම “Saja Boys”. මේ බෝයි බෑන්ඩ් එකේ නායකයා ජිනූ හරිම හැඩකාරයි. හැබැයි ප්‍රශ්නේ කියන්නේ මේ සම්පූර්ණ බෝයි බෑන්ඩ් එකම යක්කුන්ගෙන් හැදිච්ච එකක්! මෙයාලා එන්නේ මනුස්ස ලෝකය විනාශ කරන්න. අපේ කෙල්ලෝ තුන්දෙනාට සිද්ධ වෙනවා ස්ටේජ් එකේදී මේ බෝයි බෑන්ඩ් එක එක්ක සංගීතයෙන් තරග කරන ගමන්ම, ඇත්ත ජීවිතේදී ආයුධ පාවිච්චි කරලා යක්කුත් එක්ක ෆයිට් කරන්න. මේක නිකන්ම ඇක්ෂන් එකක් නෙවෙයි, මියුසිකල් එකක්. ෆැෂන්, ඩාන්සින්, සහ මැජික් පිරුණු ලෝකයක්. රූමිගේ රහස එළි වෙයිද? යක්කුන්ගේ රජා වෙච්ච බෝයි බෑන්ඩ් එක පරද්දන්න පුළුවන් වෙයිද? සමහරවිට රූමිට අර යක්ෂ නායකයා ගැන හිතක් පහල වෙයිද? කලර්ෆුල්, මියුසික් පිරුණු, ඒ වගේම හොඳ ෆයිට් තියෙන වෙනස්ම ආතල් එකක් ගන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි මේක. K-Pop අකමැති අයට වුණත් බලන්න පුළුවන් මට්ටමේ හොඳ කතාවක් මේකේ තියෙනවා.
