Image Not Found

Heavenquest: A Pilgrim’s Progress (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක නම් “ජෝන් බන්‍යන්” ලියපු, ලෝක ප්‍රසිද්ධ “A Pilgrim’s Progress” කියන පොතේ නවීන සිනමා අනුවර්තනයක්.

මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා තමයි ඩැනී කැරල්ස් (Danny Carrales). ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ඇලන් පවෙල් (Alan Powell) සහ පැට්‍රික් තොම්සන් (Patrick Thompson) වගේ නළු නිළි පිරිසක්.

කතාව පටන් ගන්නේ වන්ගෙල් (Vangel) කියලා තරුණයෙක් වටා. බලන්න, මෙයා හිරේ වැටිලා ඉන්න කෙනෙක්. ඒත් එයාට හීනෙන් වගේ පේනවා, සුදු ඇඳගත්තු අද්භූත කාන්තාවක්! ඇත්තටම කවුද මේ?

ඊට පස්සේ එයාට “පුරාණ වාර්තාව” කියලා පොතක් හම්බෙනවා. මේ පොතත් අර කාන්තාවත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද?

කතාව වෙනස් වෙන්නේ වන්ගෙල්ගේ හිරගෙදර ගමන වෙනම අභිරහස් ගමනක් බවට පත්වෙද්දී. ඔහුට සිද්ධ වෙනවා උතුරු දේශයේ ඉන්න යහපත් රජතුමා සහ පුතා ගැන ආරංචියක් හොයාගෙන යන්න.

මේ ගමන ලේසි පහසු එකක් නෙවෙයි. එයාට භයානක කඳු පන්ති, අන්ත නැති කාන්තාර, සැකයේ විල සහ නොපෙනෙන වනාන්තර වගේ බාධක හරහා යන්න වෙනවා. අතරමගදී හමුවෙන අමුතු අය වන්ගෙල්ට උදව් කරයිද? නැත්නම් එයාගේ ගමන නවත්වයිද?

ඇත්තටම මේ උතුරු දේශය කොහෙද? ඒ රජතුමා කොයි වගේ කෙනෙක්ද? වන්ගෙල්ට එයාගේ සත්‍යය සෙවීමේ ගමන සාර්ථක කරගන්න පුළුවන් වෙයිද? ඒක බලලම දැනගන්න.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.