
Valentine (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි | ආදරවන්තයන්ගේ දිනයේ සැඟවුණු මාරයා
ආදරවන්තයන්ගේ දිනය කියන්නේ හැමෝම ආදරයෙන් සමරන දවසක්නේ. හැබැයි මේ චිත්‍රපටයේ හැටියට නම් ඒක ලේ වැගිරෙන දවසක්. පාසල් කාලයේදී හැමෝගෙම කොන් කිරීම් වලට ලක්වුණු, ගැහැණු ළමයින්ගෙන් ප්‍රතික්ෂේප වුණු තරුණයෙක් අවුරුදු ගාණකට පස්සේ පලිගන්න එන එක තමයි Valentine කතාවේ තේමාව.
යාළුවෝ පස් දෙනෙක් ඉන්නවා, ඒ ගොල්ලන්ට එකපාරටම අමුතු විදිහේ වැලන්ටයින් කාඩ් ලැබෙන්න ගන්නවා. ඒ හැම එකකම තියෙන්නේ මරණයේ පණිවිඩ. මුලින් මේක විහිළුවක් වගේ පෙනුණත්, එක එක්කෙනා අභිරහස් විදිහට මැරෙන්න ගත්තම තමයි තේරෙන්නේ වැඩේ සීරියස් කියලා. ප්‍රශ්නේ තියෙන්නේ මේ මිනීමරුවා කවුද? එයා ඉන්නේ ඒ යාළුවෝ අතරමද? කුතුහලය අන්තිම වෙනකම්ම තියාගන්න මේ චිත්‍රපටය සමත් වෙනවා. හොරර් සහ ස්ලෑෂර් (slasher) ගණයට වැටෙන මේ ෆිල්ම් එක එදා වගේම අදටත් ජනප්‍රියයි.
අධ්‍යක්ෂණය (Director): Jamie Blanks
ප්‍රධාන නළු නිළියන් (Cast): Denise Richards, David Boreanaz, Marley Shelton, Katherine Heigl
