Image Not Found

Barnyard (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි | ගොවිපළේ සත්තු නටන නර්ථනය

සත්තු කතා කරන, විහිළු කරන කාටූන් චිත්‍රපටි බලන්න කවුද අකමැති? හැබැයි Barnyard කියන්නේ ඊටත් වඩා එහා ගිය, පොඩ්ඩක් විතර පිස්සු වැඩ තියෙන ගොවිපළක කතාවක්.

කතා සාරාංශය: ඔබ හිතනවා ඇති මිනිස්සු නිදාගත්තම හෝ ගොවිපළෙන් පිටවෙලා ගියාම සත්තු නිහඬව ඉන්නවා කියලා. ඒත් මේ ගොවිපළේ එහෙම නැහැ! මිනිස්සු නැති වෙලාවට මේ සත්තු දෙපයින් ඇවිදිනවා, සින්දු කියනවා, පාටි දානවා. මේ කතාවේ ප්‍රධානියා තමයි ‘ඔටිස්’ කියන ගොනා. එයා හරිම සැහැල්ලුවෙන්, සෙල්ලමෙන් ඉන්න කැමති කෙනෙක්. හැබැයි එයාගේ තාත්තා ‘බෙන්’ හරිම වගකීම් සහගතයි. ගොවිපළේ සත්තුන්ව වෘකයන්ගෙන් බේරගන්නේ බෙන්. අනපේක්ෂිත විදිහට බෙන්ට කරදරයක් වුණාම, මුළු ගොවිපළේම වගකීම ඔටිස්ගේ කරට වැටෙනවා. සෙල්ලක්කාර ඔටිස්ට පුළුවන් වෙයිද තමන්ගේ යාළුවෝ ටික බේරගන්න? නායකයෙක් වෙන එක හිතන තරම් ලේසි නැති බව ඔටිස් තේරුම් ගන්න විදිහ මේකෙන් හරිම විනෝදජනකව බලාගන්න පුළුවන්.

නළු නිළියන් සහ අධ්‍යක්ෂණය: මෙය අධ්‍යක්ෂණය කළේ Steve Oedekerk විසින්. ප්‍රධාන චරිත වලට හඬකැවීමෙන් Kevin James (Otis), Courteney Cox (Daisy), Sam Elliott (Ben) සහ Danny Glover වැනි සුපිරි තරු රැසක් දායක වෙනවා.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.