
The Siege (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි | රහස් නිකේතනයේ මාරාන්තික සටන
ක්‍රියාදාම පිරිච්ච, එක හුස්මට බලන්න පුළුවන් ෆිල්ම් එකක් හොයනවා නම් The Siege හොඳම තේරීමක්. මේකේ කතාව යන්නේ “Black Site” එහෙමත් නැත්නම් රහසිගත සිර කඳවුරක් වටා. සාමාන්‍යයෙන් මෙහෙම තැන්වල ඉන්නේ ලෝකයේ ඉන්න භයානකම අපරාධකාරයෝ. ඉතින්, එක දවසක මේ ස්ථානයට පිරිසක් පහර දෙනවා. ඇයි මේ පහරදීම? ඒක පිටුපස තියෙන්නේ ලොකු රහසක්.
ප්‍රධාන චරිතයට සිද්ධ වෙනවා මේ මාරාන්තික ප්‍රහාරයෙන් බේරෙන්න සටන් කරන්න. හැබැයි එයාට තියෙන ප්රශ්නය තමයි, එළියෙන් එන සතුරෝ විතරක් නෙමෙයි, ඇතුළේ ඉන්න අයවත් විශ්වාස කරන්න බැරි එක. මේ වගේ ආරක්ෂිත තැනකට කවුද පහර දෙන්නේ? ඔවුන්ට ඕන මොකක්ද? මේ හැම දෙයක්ම එක්ක මුළු ගොඩනැගිල්ලම යුධ පිටියක් බවට පත්වෙනවා.
ඔයා Action movies වලට ආස නම්, මේකේ තියෙන සටන් ජවනිකා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. බලන හැම මොහොතකම “දැන් මොකක් වෙයිද?” කියන කුතුහලය උපරිමයෙන්ම තියෙනවා. මේ මර උගුලෙන් පණ බේරගෙන එළියට එන්න කාට පුළුවන් වෙයිද කියන එක තමයි කතාවේ හරය.
Director: Brad Turner
Main Cast: Daniel Stisen, Lauren Okadigbo, Yennis Cheung
