Image Not Found

Timecrimes (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි | කාලයත් එක්ක සෙල්ලම් කරලා ඇනගන්න හැටි

ඔබ කාලය හරහා ගමන් කරන (Time Travel) චිත්‍රපට වලට කැමති කෙනෙක් නම්, Timecrimes කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕනේ වැඩක්. මේක ස්පාඤ්ඤ චිත්‍රපටයක් වුණත්, ලෝකය පුරාම ලොකු අවධානයක් දිනාගත්ත නිර්මාණයක්.

කතා සාරාංශය: හෙක්ටර් කියන්නේ තමන්ගේ අලුත් ගෙදරට වෙලා බිරිඳත් එක්ක නිදහසේ ඉන්න උත්සාහ කරන සාමාන්‍ය මනුස්සයෙක්. දවසක් එයා තමන්ගේ දුරදක්නයෙන් වත්ත අවට බලද්දී, කැලේ ඇතුළේ අමුතු දෙයක් දකිනවා. ඒ මොකක්ද කියලා හොයන්න යන හෙක්ටර්ට මුණගැහෙන්නේ මූණ රෙදි පටිවලින් ඔතාගත්ත, පිහියක් අතින් ගත්ත අභිරහස් පුද්ගලයෙක්. මේ මනුස්සයාගෙන් බේරෙන්න දුවන හෙක්ටර්, අහම්බෙන් අසල තියෙන පර්යේෂණායතනයකට ඇතුළු වෙනවා. එතන තියෙන අමුතු යන්ත්‍රයක හැංගෙන හෙක්ටර් ආයෙත් එළියට එද්දී ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. එයා ඇත්තටම ගිහින් තියෙන්නේ පැයකට විතර කලින් අතීතයට! දැන් එකම වෙලාවේ හෙක්ටර්ලා දෙන්නෙක් ඉන්නවා. තමන් කරපු වැරැද්ද හදාගන්න හෙක්ටර් උත්සාහ කරද්දී, ප්‍රශ්න තවත් දරුණු වෙනවා මිසක් විසඳෙන්නේ නැහැ. තමන්ම තමන්ගේ හතුරෙක් වෙන්නේ කොහොමද කියලා මේ චිත්‍රපටියෙන් හරි අපූරුවට පෙන්නනවා.

නළු නිළියන් සහ අධ්‍යක්ෂණය: මෙය අධ්‍යක්ෂණය කළේ Nacho Vigalondo විසින්. ප්‍රධාන චරිතය වන හෙක්ටර් ලෙස Karra Elejalde රංගනයෙන් දායක වෙනවා. මීට අමතරව Candela Peña සහ Barbara Goenaga මෙහි රංගනයෙන් එක් වෙනවා.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.