
Goodnight Mommy (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි | මේ ඉන්නේ ඇත්තටම ඔයාගේ අම්මා නෙවෙයිද?
Goodnight Mommy (2022) කියන්නේ මුල ඉඳන් අගටම කුතුහලය පිරුණු psychological thriller එකක්. කතාව පටන් ගන්නේ නිවුන් සහෝදරයෝ දෙන්නෙක් එයාලගේ අම්මා ඉන්න හුදෙකලා ගෙදරට එන තැනින්. හැබැයි මේ ගෙදරට ආවම දකින්න ලැබෙන්නේ හිතපු නැති දෙයක්. එයාලගේ අම්මා මුළු මූණම වෙලුම් පටිවලින් වහගෙනයි ඉන්නේ. ඇය කියන්නේ තමන් ප්ලාස්ටික් සැත්කමක් කරගත්තා කියලා.
හැබැයි ටික දවසක් යද්දී මේ ළමයින්ට සැකයක් එනවා. අම්මා ඉස්සර වගේ නෙවෙයි, එයාගේ හැසිරීම් හරිම අමුතුයි. එයා පනවලා තියෙන අලුත් නීති රීතිත් හරිම සැරයි. “මේ ඉන්නේ අපේ ඇත්තම අම්මා නෙවෙයි” කියන සැකය මේ පොඩි දරුවන්ගේ හිත්වල ලොකුවට වැඩ කරනවා. ඇත්තටම ඒ වෙලුම් පටිවලට යටින් ඉන්නේ කවුද? ඇය ඇත්තටම එයාලගේ අම්මද? නැත්නම් වෙනත් කවුරුහරිද? මේ අභිරහස ලිහන්න යන ළමයින්ට මුහුණ දෙන්න වෙන දේවල් දැක්කම ඔයාටත් හිතාගන්න බැරි වෙයි. මේ චිත්රපටය අවසානය වෙනකල්ම ඔයාව ලොකු කුතුහලයක තියයි.
අධ්යක්ෂණය: Matt Sobel
ප්රධාන නළු නිළියන්: Naomi Watts, Cameron Crovetti, Nicholas Crovetti
