Image Not Found

Spy x Family Code: White (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි | ෆෝජර් පවුලේ රහස් මෙහෙයුම

ඇනිමෙ ලෝලීන්ට නම් මේක අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනේ නැහැ. ලොයිඩ් කියන්නේ ඔත්තුකරුවෙක්, යෝර් කියන්නේ දක්ෂ ඝාතකයෙක්, ආන්‍යාට පුළුවන් මිනිස්සුන්ගේ හිත කියවන්න. හැබැයි මේ තුන්දෙනාම එකතු වෙලා ඉන්නේ “ෆෝජර් පවුල” විදිහට. මේ පාර මේ පවුල යන්නේ පොඩි නිවාඩුවකට. හැබැයි ඒ නිවාඩුව නිකම්ම නිවාඩුවක් නෙවෙයි, ඒක පිටිපස්සේ ලෝක සාමයට බලපාන ලොකු රහසක් හැංගිලා තියෙනවා.

ආන්‍යා අහම්බෙන් අමුතු චොකලට් එකක් කනවා. ඒක ඇතුළේ තිබුණු මයික්‍රෝ ෆිල්ම් එකක් නිසා මුළු පවුලම ලොකු අනතුරකට වැටෙනවා. දැන් ලොයිඩ්ටත් යෝර්ටත් සිද්ධ වෙනවා තමන්ගේ ඇත්තම හැකියාවන් පාවිච්චි කරලා ආන්‍යාව බේරගන්න වගේම ලෝකය බේරගන්නත්. කොමඩි, ඇක්ෂන් සහ ආදරය පිරුණු මේ චිත්‍රපටය ඔයාලව අන්තිම වෙනකල්ම කුතුහලයෙන් තියනවා කියලා සහතිකයි.

අධ්‍යක්ෂණය: Takashi Katagiri
ප්‍රධාන හඬ නළුවන්: Takuya Eguchi (Loid ලෙස), Atsumi Tanezaki (Anya ලෙස), Saori Hayami (Yor ලෙස).

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.