Image Not Found

Mr. Harrigan’s Phone (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි | මරණයෙන් පස්සෙත් එන දුරකථන ඇමතුම්

අපි හැමෝම ෆෝන් එකට ඇබ්බැහි වෙලා ඉන්නේ, හැබැයි මියගිය කෙනෙක් එක්ක ෆෝන් එකෙන් කතා කරන්න ලැබුණොත්? ස්ටීවන් කින්ගේ කෙටි කතාවක් ඇසුරින් නිර්මාණය වුණු Mr. Harrigan’s Phone (2022) කියන්නේ අන්න ඒ වගේ අමුතුම කතාවක්. ක්‍රේග් කියන තරුණ පිරිමි ළමයා සහ ප්‍රකෝටිපති මහලු හැරිගන් මහතා අතර ඇතිවෙන්නේ අමුතුම යාළුකමක්. හැරිගන් මහතා මියගියාට පස්සේ, ක්‍රේග් ඔහුගේ පෝන් එකත් එක්කම ඔහුව වළලනවා.

හැබැයි වැඩේ වෙන්නේ එතනින් පස්සෙයි. තමන්ට කරදර කරන අය ගැන ක්‍රේග් මියගිය හැරිගන් මහතාගේ ෆෝන් එකට මැසේජ් කරනවා. පුදුමෙකට වගේ, ඒ මැසේජ් වලට ප්‍රතිචාර ලැබෙනවා විතරක් නෙවෙයි, ක්‍රේග්ට කරදර කරපු අයට අද්භූත විදිහට දඬුවම් ලැබෙන්නත් ගන්නවා. මළගිය කෙනෙක් කොහොමද ෆෝන් එකට උත්තර දෙන්නේ? මේක ක්‍රේග්ගේ හිතේ මවාගත්ත දෙයක්ද? නැත්නම් ඇත්තටම තාක්ෂණය හරහා ආත්මයන්ට සම්බන්ධ වෙන්න පුළුවන්ද? බය හිතෙනවට වඩා හිතට මොකක්දෝ අමුත්තක් දැනෙන, කුතුහලය පිරුණු කතාවක් තමයි මේක.

Director: John Lee Hancock
Cast: Donald Sutherland, Jaeden Martell, Joe Tippett

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.