Image Not Found

Dark Shadows (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි | ශතවර්ෂ දෙකකට පසු අවදි වූ වැම්පයර්වරයා

ප්‍රසිද්ධ අධ්‍යක්ෂක ටිම් බර්ටන් සහ ජොනී ඩෙප් එකතු වුණු තවත් අපූරු නිර්මාණයක් තමයි “Dark Shadows” කියන්නේ. මේකේ තියෙන්නේ ටිකක් අමුතු, ඒ වගේම හාස්‍යය මුසු වුණු වැම්පයර් කතාවක්. Barnabas Collins කියන්නේ 18 වැනි සියවසේ ජීවත් වුණු ධනවත් තරුණයෙක්. හැබැයි ඔහු අතින් සිද්ධ වුණු එක වැරැද්දක් නිසා මායාකාරියක් ඔහුට ශාප කරලා ඔහුව වැම්පයර්වරයෙක් කරලා පණපිටින් පොළොව යට වළලනවා.

අවුරුදු 200කට පස්සේ, ඒ කියන්නේ 1972 අවුරුද්දේදී, අහම්බෙන් බානබස්ව නිදහස් වෙනවා. ඔහු ආපහු තමන්ගේ පරණ මාලිගාවට යනකොට දකින්නේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණු ලෝකයක්. ඔහුගේ පරම්පරාවේ ඉතිරි වෙලා ඉන්න අයත් හරිම අමුතුයි. බානබස්ට සිද්ධ වෙනවා මේ අලුත් ලෝකයට හුරු වෙන්න වගේම, තමන්ගේ පරම්පරාව විනාශ කරන්න බලන් ඉන්න පරණ සතුරන්ගෙන් බේරෙන්න.

1970 දශකයේ ඇඳුම් පැළඳුම්, සංගීතය සහ බානබස්ගේ වැම්පයර් වැඩ කිඩ නිසා මේ චිත්‍රපටිය හරිම විනෝදජනකයි. හැබැයි ඒ අස්සේ තියෙන අද්භූත රහස් මොනවාද? බානබස්ට තමන්ගේ පවුලේ ගෞරවය ආපහු රැකගන්න පුළුවන් වෙයිද? ඒක දැනගන්න නම් ජොනී ඩෙප්ගේ මේ අමුතු රංගනය අනිවාර්යෙන්ම බලන්න.

Cast: Johnny Depp, Michelle Pfeiffer, Helena Bonham Carter, Eva Green
Director: Tim Burton

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.